Hard Disk එකක් ගන්න ගියාම අපට Toshiba, Hitachi,Seagate WD වගේ එක එක brands වලින් මේව මිලදී ගන්න පුලුවන්. මේ අතරින් WD එහෙමත් නැත්නම් Western Digital Hard Disk වලදි Highlight වෙන එක එක Colors වලින් කියන්නෙ මොකක්ද කියල මේ ලිපියෙන් පැහැදිලි කරනව.

WD Blue
එදිනෙදා භාවිතයට සුදුසුයි. Gaming, Office PC වගේ ඕනම දේකට ගැලපෙනව. සාමානයෙන් 500GB වල ඉදන් 6TB වෙනකම් Capacity තියෙනව. Cache එක උපරිම 64MB.
WD Green
Green එක දැන් HDD line up එකේ නැහැ. මෙතනදි Blue එකේ වගේම setup එකක් තමයි එන්නෙ. හැබැයි performance ටිකක් අඩුයි. හැබැයි power එක අඩුවෙන පාවිච්චි වෙන්නෙ. මේක ගන්නවට වඩා blue එකක් ගන්න එක හොදයි. දැන් WD සමාගම Green එක යටතේ M2 / SSD තමයි හදන්නෙ.
WD Blacks
Gaming වල උපරිමයට යන්න ඕන අයට සහ workstation PC වලට ගැලපෙන Black එකේ Cache එක 128MB උපරිමයකට තියෙනව. RPM එක 7200 යි. ඒ වගේම 1TB වල ඉදන් 6TB වෙනකම් capcity තියෙනව. ගාණ හොදටම වැඩියි.
WD Red
මේක විශේෂයෙන්ම හදල තියෙන්නෙ NAS / server system වල රැක් එකට ගැලපෙන විදිහට. ඒ වගේම මේ red series එකේ Read කරන performance/speed එක වැඩියි. මේක ඕන වෙන්නෙ high performance server system / NAS වලට.
WD Purple
පැය 24ම ඔන් වෙලා එක දිගට record වෙන CCTV වගේ system වලට තමයි මේක හදල තියෙන්නෙ. මේකෙ විශේෂත්වය Write speed / performance වැඩියි. මොකද Video file එක දිගට write කරන්න ඕන නිසා.
WD Gold
හොදටම ගාණ වැඩි ඒ වගේම DATA center වලට පාවිච්චි කරන හොදම Technology පාවිච්චි වෙන hard drive තමයි මේ.














මම වගේ මෙ දෙවල් ගැන වුනන්දු අයට නිම කරන්න බැරිතරමි මේ කරන දේ වටිනවා ගෝඩක් හෝදයි good +good
+good
ස්තුතියි feedback එකට
Thava tavath ediriyata karagena yanna….
Thanks ayye kattiyata danagannata mevage post hadanavata…..
Thanks aiye mn dakala tibba wd eke pata pata tino eth danan hitiye na pata anuwa performance n prise wenas wenawa kiyala
Wd black 1 tb eke chache eka 64 mb mn hithane gaming performance wedi wenne up to 2 gb wenna ona
Aiye me hdd wala chache memory eken mokakda wenne
වටින පොස්ට් එකක්
Computer users lata godake wadagate wai tanks priyadarsana ayye
yes
ඉතාමත් hoda vedak thanks pc guide