Home Tech News Explained YouTube මගින් Shorts නිර්මාණකරුවන්ට මුදල් ගෙවීමට සැරසෙයි
Explainedsocial mediaTech News

YouTube මගින් Shorts නිර්මාණකරුවන්ට මුදල් ගෙවීමට සැරසෙයි

Share
blank
Share

Shorts නිර්මානකරුවන්ට ඔවුන්ගේ නිර්මාන සදහා මුදල් ගෙවීම පෙබරවාරි මස 1 වනදා ඉදන් YouTube සමාගම ක්‍රියාත්මක කරනව. පසුගිය දිනෙක ඒ සදහා Partner Program agreement එම Content Creatorsල වෙත නිකුත් කර තිබෙනව. මෙමගින් Shorts වල Views count එක අනුව මුදල් ලැබෙනව.

මෙහි නිර්මානකරුවන්ට ජූලි 10 වෙනකන් Partner Program එකට එකතු වෙන්න පුලුවන්. YouTube සමාගම විසින් මේ සමග නිර්මානකරුවන්ට මුදල් උපයන ආකාරය පිලිබදව නවතම Monetization Modules කිහිපයක් හදුන්වාදී තිබෙනව. මෙම Monetization ක්‍රමය සදහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් 1000 subscribers සහ 10 million views Shorts සදහා දින 90ක කාලයක් තුලදී ලබාගෙන තිබිය යුතුයි.

මෙම Shorts revenue sharing මගින් YouTube සමාගමේ අරමුදලෙන් ඩොලර් මිලියන 100 පමන ඉවත්ව යන බව සටහන් කරයි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය මගින් එක් එක් නිර්මානකරුවන්ට කොපමන මුදලක් උපයාගත හැකිද පිලිබදව YouTube සමාගම හදුන්වා දී තිබෙන සූත්‍රය Used music Copyrights හේතුවෙන් සංකීර්ණ වෙනව. YouTube පරිශීලකයෙකු Shorts නැරබීමේදී clips අතර හුවමාරු වීමේදී දැන්වීම් පෙන්වීම සිදුකරනව. YouTube සමාගම පවසන්නේ එම දැන්වීම් සදහා ගෙවන මුදල් Music Copyrights සදහා සහ නිර්මානකරුවන් අතර බෙදාදෙන බවයි. නිර්මානකරුවන්ට කොපමන මුදලක් ලැබේද යන්න තීරණය වන්නෙ ඔවුන්ගේ Shorts වල කොපමන musical tracks, creators විශේෂාංග තිබේද යන්න මතයි.

නිර්මානකරුවන් නිර්මානය කරන clip වලට සංගීතයක් එක්කර නොමැති නම් එම වීඩියෝව සම්බන්ද සියලුම ආදායම creator pool වෙත එක්වෙනව. එම වීඩියෝවේ එක් ගීතයක් අඩංගු වේ නම් අදාළ ආදායමෙන් තුනෙන් එකක් බලපත්‍ර සඳහා ගෙවීමට එක්වෙනව. ගීත දෙකක් සහිත Short එකක් මගින් එහි ආදායමෙන් තුනෙන් දෙකක් බලපත්‍ර ලබා ගැනීම සඳහා යයි.

මෙම Shorts ආදායමෙන් 55% YouTube ලබාගන්නා අතර නිර්මාණකරුවන්ට 45%ක කොටසක් ලබාදෙනව. එනම්, ඔබේ Shorts ආදායම $1000ක් නම් ඔබට $450ක මුදලක් ලැබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...