AOC වෙතින් පහසු මිළට 144Hz Freesync Gaming Monitor මාදිලි 4ක්
AOC සමාගම සැප්තැම්බර් මාසයේ තමන්ගේ Monitor මාදිලි පෙළට AOC G1 Gaming Monitors හදුන්වා දුන්නා. මෙම නව G1 series එක 144Hz Refresh Rate එකක් සහ AMD Freesync තාක්ෂණය සමග Gaming අත්දැකීමක් සදහාම නිපදව! AOC සමාගමේ පළමු Gaming Monitor කාණ්ඩය වෙනව.
මේ යටතේ වෙළදපොලේ ඇති gaming Monitors හා සංසන්දනය කිරීමේදී පහස් මිළකට AOC G! Monitors 4ක් නිකුත් වෙනව. මේව තමයි
- අගල් 24 – C23G1 – 1920 x 1080
- අගල් 27 – C27G1 – 1920 x 1080
- අගල් 31.5 – C32G1 – 1920 x 1080
- අගල් 31.5 – CQ32G1 – 2560 x 1440
මේ හැම Display එකක්ම Curved සහ thin bezel සහිත මාදිලි වන අතර AOC සමාගම මෙය තරගකාරී මිළකට Multi monitor setup වලටත් ගැලපෙන විදිහටයි ඉදිරිපත් කරන්නෙ.
ඒ වගේම Ports විදිහට HDMI 1.4 ports දෙකක්, Display port 1ක් සහ VGA port එකක් විදිහට connectivity පහසුකම් තියෙනව.
කොහොම වෙතත් මේ මාදිළි පෙලේ පළමු මාදිළි 3න (CQ32G1 ගැන වැඩි තොරතුරු නැහැ) සදහා තියෙන්නෙ nits 250 ක brightness එකක්, මෙය HDR monitors සදහා ඇති සම්මත nits 400ට වඩා අඩුයි. කොහොම වෙතත් මේ Monitos HDR වලට පහසුකම් දක්වන්නෙ නැහැ.
පහසු මිළකට Gaming කරන්න Monitors ගන්න බලන් ඉන්න අයට ලගදිම ලංකාවෙත් මේ මාදිලි පෙළ ලබාගන්න පුලුව්න වෙයි.
2 Comments