Home Tech News Events Pcguide.lk App Update 1.1.2
EventsTech News

Pcguide.lk App Update 1.1.2

Share
blank
Share

Pcguidelk App එක 2022 අවුරුද්දෙ ජනවාරි මස නිකුත් උනේ වසර ගණනාවක සිට තිබුන අරමුණක් සාර්ථකව සපුරා ගනිමිනුයි. මුල් පියවරේදී සාර්ථක Android App එකක් නිර්මාණය කර පසුව ඒ මතම iOs සදහා App එකක් නිකුත් කිරීමට අරමුණු කරගෙන සිටින අපට දැනටමත් ලැබී තිබෙන ඔබගේ උනන්දුව සහ දිරිගැන්වීම දිගු ගමණක් යාටම අඩිතාලමක් වී තිබෙනව.

Pcguidelk App එක හරහා pcguidelk web අඩවියේ ලිපි කියවන අපගේ පාඨකයන් සදහා පහසුවෙන් ලිපි කියවීමට අවස්ථාවක් වගේම පරිගණක සහ උපාංග අලෙවිකරණ වෙළදසැල් වලට pcguidelk app එක හරහා එකම සහ පහසුවෙන් ලගාවිය හැකි App Market place එකක් තුල තමන්ගේ Products සසදා බලා මිලදී ගැනීමට ආරක්ෂිත සහ පහසු වෙළදපලක් නිර්මාණය උනා.

Pcguidelk App එක හරහා App Users ලටත් ඔවුන්ගේ කෙටි දැන්වීම් නොමිලේ පළ කිරීමට අවස්ථාවක් අප ලබාදුන් අතර එය මේ වනවිට ඉතා ජනප්‍රිය වී තිබෙනව. මේ ජනප්‍රියත්වයත් සමගම ඔබ විසින් ලබාදෙන සේවාවන් පවා මේ හරහා list කිරීමට අප කටයුකු යොදා තිබෙනව. Windows Format කිරීමේ සිට Web අඩවි නිර්මාණය දක්වා විවිධ Services මේ හරහා ලබාදී තිබෙනව.

App Update 1.1.2

App එකේ Caching system එකක් ලබාදී තිබෙනව. මේ හරහා ඉක්මනින් pages sections Load වීම සිදුවෙනවා. ඒ වගේම පෙරදී කියවූ Article එකක් හෝ අනෙක් සියළුම දේවල් වල නැවත භාවිත කල හැකි කොටස් Device එකට ලබා ගැනීම නිසා නැවත එම Articles, Products, Ads බැලීමේදී Data වැයවීම අවම වෙනවා.

Share options

App එකේ Articles, Shop Items, කෙටි දැන්වීම් සියල්ලම දැන් Phone එකෙන් Share කරන්න පුළුවන්. Whatsapp, email ඕනෑම ආකාරයකින් දැන් ඔබට මෙය කල හැකි ලෙස Android Share පහසුකම් මෙයට ලබාදී තිබෙනව. මේ නිසා පහසුවෙන්ම Add එකක් – Article එකක් – Shop Item එකක් Share කරගන්න පුළුවන් වෙනව.

Sorting Facility

Shop එක තුල ඇති Components මිළ අනුව Sort කිරීමට දැන් හැකියාව තිබෙනව. මේ නිසා ඔබ හොයන මිළ අනුව දේවල් පහුසවෙන් සොයා ගැනීමට මේ හරහා පුළුවන් වෙනව. මෙම පහසුකම ලබාගැනීමට Shop එක තුල අදාල Component Category එකට ගොස් Sorting Arrows භාවිතා කරන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...