Home Tech News හැමෝම දාන AdBlock
Tech News

හැමෝම දාන AdBlock

Share
blank
Share

වෙබ් පිටුවකට පිවිසෙන විට, එම වෙබ් පිටුවේ තිබෙන දෙයට අමතර වශයෙන් වෙළෙඳ දැන්වීම් කන්දරාවක්, වෙබ් පිටුවේ ඉඩ ඇති සෑම තැනකින්ම විතරක් නොව, ඇතැම් විට වෙබ් පිටුව වසා දමමින්ද මතුවීම දැන් සුලභයි. මෙය, කවරාකාරයකින් හෝ කරදරයක්ය කියා සිතන්නෙක්ට එම වෙළෙඳ දැන්වීම් මතුවීම වළක්වාලනු පිණිස භාවිතා කළ හැකි වැඩසටහන් තිබෙනව. අප කවුරුත් දන්නා Ad Blockers යනු ඒවායි.

අන්තර්ජාලය භාවිතා කරන්නත් මෙම Ad Blockers පාවිච්චි කරන ආකාරය කවරේද යන්න සොයා බලා සැකසූ වාර්තාවක් තිබෙනව. වෙළෙඳපොළ සමීක්ෂණ කරන පේජ් ෆෙයාර්  නම් අයර්ලන්ත සමාගම විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ පසුගිය වසර තුළදී ස්මාට්ෆෝන් භාවිතා කරන්නන් විසින් ඇබ්ලොකර්ස් වැඩසටහන් භාවිතා කරනු ලැබීම සියයට 90 (90%) කින් වැඩිවී ඇති බවයි. මෙය සංඛ්‍යාත්මකව මිලියන 586ක්. එනම් අද ලොව ස්මාට්ෆෝන් භාවිතා කරන සෑම පස් දෙනෙකුගෙන්ම අයෙක් වෙළෙඳ දැන්වීම් අවහිර කිරීම හෙවත් Ad Block කරනව.

මේ අයුරින්ම ටැබ්ලට් පරිගණක, ලැප්ටොප් පරිගණක මෙන්ම ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරන්නෝද ඇඩ් බ්ලොකිං වැඩ සටහන් භාවිතා කරනව. දැනට ගණන් බලා ඇති ආකාරයට අනුව මෙම පරිගණක භාවිතා කරන අය අතරින් මිලියන 236 ක් පමණ සෙනඟ ඇඩ් බ්ලොකිං කරනු ලබනව.

කලින් කී ස්මාට්ෆෝන්, ඩෙස්ක්ටොප් පරිගණකද ඇතුළුව අනෙක් සියලුම උපාංගවල ගණන් මිමි එක්ව ගත් විට, ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන අය අතරින් සියයට 11 ක් දෙනා ඇඩ් බ්ලොකිං කරනව. එනම් උපාංග මිලියන 650 කට වඩා වැඩි ගණනකදී ඇබ්ලොක් වෙනව. පේජ් ෆෙයාර් සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇති ආකාරයට මෙම නැඹුරුව අවුරුදු පතාම 30% කින් වැඩි වෙනව. එනිසා සෑම වසරකදීම ලොව වෙළෙඳ දැන්වීම් ආදායමෙන් ඩොලර් බිලියන සියයකට කිට්ටු ගණනක් අහිමිව යනව. මෙසේ වෙළෙඳ දැන්වීම් අවහිර කිරීම වැඩිපුරම කරන්නේ ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව සහ පකිස්තානය ඇතුළු රටවල වෙසෙන්නන් හෙවත් දකුණු ආසියාතිකයින්. එහි ප්‍රතිශතය 60% ක් පමණ වෙනව. මෙම රටවල දුරකතන සබඳතා ගාස්තු, ජනයාගේ ආදායමට සාපේක්ෂව වැඩියි. එනිසා වෙළෙඳ දැන්වීම් වශයෙන් පෙන්වන වීඩියෝ සහ වෙනත් දර්ශන පෙන්වන්නට වැය වන දත්ත ධාරිතාව ඉතිරි කර ගෙන දුරකතන ගාස්තුව අඩු කර තබා ගැනීමට ඇඩ් බ්ලොක් කරයි.

යුරෝපයේද, ඇමෙරිකාවේද ඇබ්ලොක් කිරීමේ නැඹුරුව ඉතා අඩුවීමෙන් මේ බව තහවුරු වෙනව. එම රට වල ජනයා ඇබ්ලොක් කරන ප්‍රතිශතය 2% කි. මෙම ඇබ්ලොක් කිරීමට උර දෙන්නෝ මෙන්ම එයට බාධා කරන්නෝද සිටිනව. වෙබ් බ්‍රව්සර් අතරින් ඔපෙරා සහ මොසිල්ලා යන වෙබ් අඩවිවල යුටිලිටියක් වශයෙන්ම ඇබ්ලොකර්ස් තිබෙනව. ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයට වෙනමම  ඇබ්ලොකර් වැඩසටහන් සම්බන්ධ කර ගත යුතුය. ගූගල් සමාගම ඇබ්ලොක් කිරීමට අනුබල නොදෙයි. ෆේස්බුක් සමාගම සිය ජාලය තුළ දී ඇබ්ලොක් වැඩසටහන් භාවිතා කිරීමට ඉඩ නොදීමේ උපා යොදයි. එහෙත් නිතිපතා අලුත් අලුත් ඇඩ් බ්ලොකිං වැඩසටහන් එළි දකින බැවින් මෙම වැළැක්වීමේ උපා ඵල දරා නැත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...