Home Games Street Fighter 6 පරිගණක ක්‍රීඩාව
Games

Street Fighter 6 පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

ලෝකයාගේ සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණුවමින් දූෂණය, භීෂණය පතුරවන නපුරු බලවේගවලට එරෙහිව සටන් වදින දක්ෂ සටන් කණ්ඩායමක් ගැන කතාවක් පාදක කර ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි මෙය.

ස්ට්‍රීට් ෆයිටර් පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය ලෙස ක්‍රියාත්මක වෙන්නේ ලූක් නම් දක්ෂ සටන් කරුවෙක්. ඔහු මෙම කණ්ඩායමේ ප්‍රධානියා. ලොව පුරා විවිධ රටවල්වලට අයත් දක්ෂ සටන්කරුවන් සහ සටන්කාරියන් රෑසක් ඔහු යටතේ මෙහෙයුම්වල නිරත වෙනව. මොවුන් සෑම දෙනාගේ අභිප්‍රාය, ලෝකය නපුරෙන් මුදාගෙන සැමට සතුටින් ජීවත්විය හැකි සමාජයක් බිහි කිරීමයි.

මෙම පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා විසින් කණ්ඩායම් නායක ලූක් මෙහෙයවනු ලැබිය යුතු වෙනව. ඉන්පසුව එළැඹෙන ක්‍රීඩාවේ ඉදිරි මට්ටම්වලදී, අවශ්‍ය නම් කැමති සටන් කරුවෙක් තෝරා ගෙන ඔහු මෙහෙය වීමටත් පුළුවන්. ඇමෙරිකානු, රුසියානු, චීන, ජපන්, ඉන්දියානු, බ්‍රසීල යනාදී විවිධ රටවල සිටින දක්ෂ සටන්කරුවෝ මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිනව. ඔවුන්ගේ සටන් විලාස සහ හැකියා එකිනෙකට වෙනස්.

මෙම කණ්ඩායමේ සාමාජිකයෝ මැරකම්, දූෂණ යනාදී අකටයුතුකම් පැතිර ඇති නගරවල ඇවිදිමින් සතුරන් විනාශ කිරීමේ මෙහෙයුම්වල නිරත වෙනව. පරිගණක ක්‍රීඩාව විසින් හඳුන්වා දී තිබෙන සටන් කරුවන්ට අමතරව, අවශ්‍ය නම් තමන්ට වෙනම සටන්කරුවන් නිර්මාණය කර ක්‍රීඩාවේ යෙදීමට පුළුවන්. ඒ, පරිගණක ක්‍රීඩාව තුළින්ම ලබා දෙන විශේෂාංග නිර්මාණාත්මකව භාවිතා කරමින්.

සටන් කරුවන් මෙහෙයවන විට එක් එක සටන්කරුවා ප්‍රවීනත්වය ලබා ගෙන ඇති සටන් ශිල්ප ක්‍රම ගැන මෙන්ම, සටන්කරුවාගේ හැකියාව පිළිබඳ හොඳින් අවබෝධ කර ගනිමින් සටන්වල යෙදිය යුතු වෙනව. සැබෑ ප්‍රතිවාදීන් සමඟ සටන් කිරීමට කලින් පුහුණුවීම් අවස්ථාවල යෙඳිය හැක. තමන් විසින් මෙහෙයවනු ලබන සටන්කරුවා ගැන අවබෝධය එහිදී ලබා ගන්න පුලුවන්. විවිධ තැන්වල පැවැත්වෙන සටන් තරගවලට සහභාගී වෙමින්, නපුරු ප්‍රතිවාදීන් එහිදී පරාජය කර ඔවුන්ගේ බලය විනාශ කිරීමද මෙම ක්‍රීඩාවේදී කළ යුතු දෙයක්.

උසස් තත්වයේ ත්‍රිමාන ග්‍රැෆික් නිර්මාණ සහ සජීවීකරණ යොදා ගෙන, වර්ණවත් පරිසරයක් ගොඩනංවා මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනව. මෙහි චරිතවල පෙනුම ඉතා හොඳින් නිර්මාණය කර තිබෙනව. විවිධ රටවලට අයත් සටන් කරුවන් මෙහි සිටින නිසා ඒ ඒ රටවල මුහුණු සහ වෙනත් ගති ලක්ෂණ හොඳින් ඉස්මතු වෙන ආකාරයට ත්‍රිමාන චරිත නිර්මාණය කර ඇත. ඔවුන්ගේ ශරීර ලක්ෂණ, ශරීර හැඩය, ඇඳුම් පැළඳුම් යනාදිය නිර්මාණය කර ඇත්තේද ඒ ඒ ජාතීන්ගේ අනන්‍යතා ඉස්මතු වෙන සේ.

මෙසේ නිමවා ඇති ස්ට්‍රීට් ෆයිටර් පරිගණක ක්‍රීඩාවේ ස්වරූපය පෙන්වන වීඩියෝ සහ තවත් විස්තර streetfighter.com යන වෙබ් අඩවියට පිවිස දැක ගත හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...