Home Games Pro Racing වලට කැමති ඔයාට Forza Motorsport
Games

Pro Racing වලට කැමති ඔයාට Forza Motorsport

Share
blank
Forza 7 Pit Crew 4K
Share

ජාත්‍යන්තර මෝටර් ධාවන පථවලදී මෝටර් රථයක් ධාවනය කරවීමේ අත්දැකීමක් ලබා ගත හැකි මෙය සිමියුලේටර් වර්ගයේ පරිගණක ක්‍රීඩාවක්. මෙහිදී පරිගණක ක්‍රීඩකයාට මෝටර් රථ ධාවකයෙක් ලෙස ක්‍රීඩා කරන්න පුලුවන්. ක්‍රීඩාව ආරම්භයේදී කැමති මෝටර් රථයක් තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනව. ඒ, මෝටර් රථ ධාවන තරගවලදී භාවිතා කරන විවිධ වර්ගයේ මෝටර් රථ පන්සියයකට වඩා වැඩි එකතුවක් තුලින්.

ක්‍රීඩාව ආරම්බයේදී මෙම සියල්ල ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සීමිත තෝරා ගැනීමේ ඉඩක්. එහෙත් ක්‍රීඩාවේයෙදී පෙන්වන දස්කම් අනුව මෝටර් රථ තෝරා ගැනීමට දෙන අවකාශය වැඩි වෙනව. එසේම ලැබෙන මෝටර් රථයේ විශේෂාංගත් වැඩි දියුණු කර ගැනීමට ඉඩ ලැබෙනව.

මෝටර් ස්පෝට් පරිගණක ක්‍රීඩාවේදී මූලික වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෝටර් රථ ධාවන තරගවල යෙදීමට පුළුවන්. මුලින්ම මෙම ක්‍රීඩාවට සම්බන්ධ වෙන ක්‍රීඩකයා ක්‍රීඩා කළ යුත්තේ ආරම්භක ධාවන තරග අවස්ථාවයි. මෙම මූලික මට්ටමේ තරගාවලිවලදී පෙන්වන දක්ෂතා සහ ලබා ගන්නා ලකුණු මත ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමට අවස්ථාව ලැබෙනව.

දෙවැනි තරග අවස්ථාව ලෙස ලැබෙන්නේ ජාත්‍යන්තර තරගවලට සහභාගීවීමයි. එහිදී වෙනත් රටවල සිටින මෝටර් රථ ශූරයින් සමග එක්ව තරග කිරීමේ අවස්ථාව ලැබෙනව. පරිගණක ක්‍රීඩකයාට සහභාගී විය හැකි තුන් වැනි ධාවන තරග මාදිලිය, ලැබෙන ධාවන පථයකදී අඩුම කාලයක් තුළදී, වේගයෙන් ගමන් කරමින් තරගය අවසන් කිරීමයි.

මෙසේ යම් තරගයක් සඳහා මෝටර් රථයක් තෝරාගත් පසුව, එය ධාවන පථවලට ගැළපෙන ආකාරයට සකස් කර ගත යුතුයි. තමන් තරගවලදී උපයා ගන්නා ලකුණු සහ මුදල් භාවිතා කරමින් එසේ මෝටර් රථය නවීකරණය කර ගන්න පුලුවන්.

මෙම ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාට ඇති අවසන් ඉලක්කය, තරග ජයග්‍රහණය කරමින් ලෝකයේ හොඳම මෝටර් රථ ධාවකයා වීමයි. ඒ වෙනුවෙන් ධාවන තරගවලදී ධාවන උපක්‍රම සහ තාක්ෂණික උපක්‍රම බුද්ධිමත්ව භාවිතා කළ යුතු වෙනව. පරීක්ෂාකාරී ලෙස තරග වැදීම සහ තරග නීති උල්ලංඝනය නොකිරීම වාසිදායකයි.

ත්‍රිමාන ග්‍රැෆික් නිර්මාණවලින්ම මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනව. මෝටර් රථ ධාවන තරගවලදී දක්නට ඇති සියලුම දේ සජීවීකරණ සේ එක් කර තියනව. සැබෑ ලෝකයේදී මෝටර් ධාවන තරග සඳහා යොදාගන්නා රථ ඒ ආකාරයෙන්ම ත්‍රිමානව සජීවීකරණය කර තිබීම විශේෂයි. මෙහි ප්‍රතිනිර්මාණය කර ඇත්තේ අද ලෝකයේ මෝටර් රථ ධාවන තරග පවත්වන ධාවන පථම මිස මනඃකල්පිත ඒවා නොවේ.

නරඹන්නන්ගෙන් නැගෙන ඔල්වරසන් හඬ, විස්තර විචාරයකයින්ගේ හඬ මෙන්ම මෝටර් රථවලින් නිකුත්වන හඬ ඇසෙන්නේ සැබෑ තරගයකදී වගේ. මෙසේ නිමවා ඇති මෝටර් ස්පෝර්ට් පරිගණක ක්‍රීඩාවේ ස්වරූපය පෙන්වන වීඩියෝ සහ තවත් විස්තර forza motorsport යන වෙබ් අඩවියට පිවිස දැක ගත හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...