Home Tech News Smart Phone වල Blue light ඇසට නරකයි
Tech News

Smart Phone වල Blue light ඇසට නරකයි

Share
blank
Share

Smartphone / Laptop සහ වෙනත් digital display වලින් නික්මෙන නිල් පැහැති ආලෝකය හේතුවෙන් ඇසෙහි විස රසායන ද්‍රව්‍යයක් උපදින බවත් එමඟින් අන්ධභාවයට පත්වීම වේගවත් වෙන බවත් සොයා ගෙන තිබෙනව.

Digital display වලින් නික්මෙන එළිය සැකසී තිබෙන්නේ විවිධ ශක්තියෙන් යුත් ආලෝක ධාරා මගින්. එනම් එකිනෙකට වෙනස් තරංග ආයාම ඇති කිරණ වලින්. ඒවා අතරින් ශක්තියෙන් වැඩිම ආලෝක කිරණ වන්නේ නිල් එළියට අදාළ ආලෝක කිරණයි. ශක්තියෙන් වැඩිය යනු මේවායේ සංඛ්‍යාතය වැඩි බවයි. ශක්තියෙන් වැඩි ආලෝක කිරණ ඇසේ පතුළට කිඳා බැස ගිය විට ඇසෙහි ආලෝකයට සංවේදී පෙදෙස වෙන දෘෂ්ටි විතානයේ ඇති සෛල හා ගැටෙනව. එවිට එම සෛලවලින් විස රසායන ද්‍රව්‍යයක් උපදින බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනව.

මෙම රසායන ද්‍රව්‍යය හේතුවෙන් දෘෂ්ටි විතානයේ තිබෙන ආලෝකයට සංවේදී සෛල මිය යනව. එවිට ආලෝකය හඳුනා ගත නොහැකි තත්වය ඇතිවී ක්‍රමයෙන් අඳභාවය ඇති වෙනව. මුලින්ම අකුරු හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයෙන් ඇරඹෙන මෙය මුහුණු හඳුනා ගත නොහැකි තරම දක්වා වැඩිවිය හැකිය. දෘෂ්ටි විතානයේ ඇති ආලෝකයට සංවේදී සෛල ආලෝකය හඳුනා ගන්නේ රෙටිනාල් සංයෝගය උපයෝගී කර ගෙනයි. නිල් එළිය මෙම රෙටිනාල් සමඟ මුසුවූ විට එය ප්‍රතික්‍රියා දාමයකට නතුවී අවසානයේදී සෛල මරා දමන විස රසායන ද්‍රව්‍යයක් තනන බව, පර්යේෂකයන් පවසනව.

සාමාන්‍යයෙන් ඇසට වැටෙන දීප්තිමත් ආලෝකයෙන් බොහෝ කොටසක් පෙරා හැරීමට ඇසේ කළු ඉංගිරියාවට සහ කාචයට පුළුවන්. එහෙත් ඩිජිටල් තිරයක් වෙත දිගින් දිගටම ඇස යොමා ගෙන සිටින විට එසේ එළිය පෙරා හැරීමට ඇස අසමත් වෙන බව, මෙහි පර්යේෂකයන් කියා තිබුනා.

කෙසේ වෙතත්, ඩිජිටල් තිර වලින් නික්මෙන නිල් එළිය නිසා සම්පූර්ණ අන්ධ බව ඇති වෙන්නේ නැහැ. අනෙක් අතට අඳුරේ වැඩි වේලාවක් මේ තිර දෙස බලා සිටින්නේ නම් එවිට නිල් එළිය සහ අධෝරක්ත කිරණ (UV) පෙරා හරින අව් කන්නාඩියක් පැළැඳ සිටීමෙන් මෙම හානිය සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට පුළුවන.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...