Home Tech News දැන් Pre Oder කල හැකි Apple Vision Pro
Tech News

දැන් Pre Oder කල හැකි Apple Vision Pro

Share
blank
Share

ඇපල් සමාගමේ Vision Pro හෙඩ්සෙට් එක දැන් pre-orderකිරීමේ හැකියාව තිබෙනව. ඒ සදහා සමාගමේ වෙබ් අඩවිය වෙත පිවිස සිදුකරන්න පුලුවන්. මෙම Vision Pro උපාංග ඇපල් සමාගම නිර්මානය කර ඇත්තෙ modular system එකකට. එනම් පරිශීලකයන්ට තමන්ට ගැලපෙනම Vision Pro උපාංගය තෝරාගැනීමේ හැකියාව තිබෙනව.

මෙම Vision Pro උපාංගයේ 256GB ස්ටෝරේජ් එක ඇති variant එක $3,499 වෙනව. ඒවගේම 512GB සහ 1TB ස්ටෝරේජ් තිබෙන උපාංග $3,699 සහ $3,899 මුදලක් වෙනව.

මෙයට අමතරව තවත් උපාංග කිහියක්ම ලබාගැණීමේ හැකියාව තිබෙනව. ඒ අතර travel case, additional battery packs, සහ extra light seals මිලදී ගැනීමට තිබෙනව. මෙම හෙඩ්සෙට් එකෙ ක්‍රියාත්මක වෙන්නෙ visionOS පද්ධතියයි. මෙය Siri සමග voice commands වැඩ කලහැකි ලෙස නිර්මානය කර තිබෙනව. iOS සදහා සහය දක්වන ඇප්ස් මිලියනයක් පමන දැනට මෙම හෙඩ්සෙට් එක සදහා සහය දක්වනව. ඒවගේම ඉදිරියෙදි හෙඩ්සෙට් එක සදහාම නිර්මානය කර තිබෙන ඇප්ස් නිකුත් කිරීමට ඇපල් සමාගම කටයුතු සිදුකරගෙන යනව. 

ප්‍රධාන ඇප් කිහිපයක් වන Netflix, YouTube සහ Spotify ඇප්ස් තවමත් Vision Pro සදහා සහය දක්වන්නෙ නැහැ. නමුත් අනෙක් ස්ට්‍රීමිං ප්ලැට්ෆෝම් වන Disney+, Max, Amazon Prime Video සහ Paramount+ ආදිය දැනටමත් නිකුත් කර තිබෙනව.

ඇපල් පරිගණක බාවිතා කරන පරිශීලකයන්ට මෙම හෙඩ්සෙට් එක බාවිතයෙන් ඔවුන්ගේ වැඩ සිදුකරගන්න පුලුවන්. Vision Pro හෙඩ්සෙට් එක පෙබරවාරි 2 වෙනිදා සිට ප්‍රී ඕඩර් නිකුත් කිරීම සිදුකරනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...