Home Tech News Internet YouTube විසින් Videos මත ඇති dislike count එක නොපෙන්වීමට තීරණය කරයි.
InternetTech Newswebsites

YouTube විසින් Videos මත ඇති dislike count එක නොපෙන්වීමට තීරණය කරයි.

Share
blank
Share

මීට දින කිහිපයකට කලින් YouTube විසින් තමන්ගෙ වෙබ් අඩවියේ videos මත පෙන්වන dislike count එක පොදුවේ පෙන්වන එක නවත්වන්න තීරණය කරා. මීට හේතුව වශයෙන් YouTube ආයතනය ප්‍රකාශ කරන්නෙ තමන්ගෙ platform එක මත ඉන්න කුඩා ප්‍රමාණයේ creators ල dislike attacks සහ වෙනත් harassment වලින් ආරක්ෂා කිරීමට මේ තීරණය ගත්තා කියලයි. මොකද සමහර වෙලාවට මේ වගේ ඉලක්කගත dislike campaigns, YouTube මත ක්‍රියාත්මක වෙනවා.

සමහර වෙලාවට viewers ල trend එකක් විදිහට Videos වලට dislikes දාන අවස්ථාත් දකින්න පුලුවන්. Video එකවත් සම්පූර්ණයෙන් බලන්නෙ නැතුව “I just came here to dislike” වගේ comment එකක් දාන පිරිසකුත් YouTube එකේ ඉන්නවා. නමුත් මේ අලුත් update එකෙන් පස්සෙ dislike count එක viewers ලට පෙන්නන්නේ නෑ. මේ හේතුවෙන් ඉහත කීව වගේ target කරල dislike කරන පිරිස් ඒක කරන්න පෙලඹෙන එක අඩු වේවී කියල YouTube බලාපොරොත්තු වෙනවා. dislike count එක ප්‍රසිද්ධියේ පෙන්නුවේ නැති උනත් video creators ලට එක් එක් video එකට ලැබිල තියන dislike ප්‍රමාණය YouTube Studio එකේදි බලාගන්න හැකියාව තියනවා.

හුඟක් පිරිසක් තමන් බලන්න යන video එක හොඳයිද නැද්ද කියල දළ අදහසක් ගන්න පාවිච්චි කරන විදිහක් තමයි like සහ dislike අතර තියන අනුපාතය. නමුත් මේ dislike count එක ඉවත් කිරීමෙන් මේ විදිහට නැතුව video එක බලලම ඒ video එක හොඳද නැද්ද කියල තීරණය කරන්න සිද්ද වෙනවා. මේක YouTube වෙබ් අඩවියෙන් අධ්‍යාපනික දේවල් වගේ බලන අයට කෙලින්ම බලපාන දෙයක්. ඒ වගේම මේ හේතුවෙන් එතරම් හොඳ නැති video එකක් බලන්න සිදුවීමෙන් සිදුවන වෙලාව නාස්තියත් සැලකිය යුතු තරම් වෙනවා. කොහොම උනත් ඉලක්ක ගත attacks වලින් creators ල ආරක්ෂා කර ගැනීමට හැකිවීම තමා YouTube ආයතනය මෙමගින් හුඟක්ම බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

YouTube වලට කලින් Instagram සහ Facebook වගේ සමාජ වෙබ් අඩවිත් මේ විදිහට users ලගෙ posts වලට වැටෙන like counts සඟවන්න option එකක් ලබාදුන්නා. posts වලට ලැබෙන reactions වලට අනුව එන සමාජ පීඩනය අවම කිරීම එයින් බලාපොරොත්තු වුනා. YouTube ආයතනයේම ඉතිහාසයේ එතරම් සතුටුදායක නැති අවස්තාත් මේ dislike count එක hide කිරීමෙන් සැඟවිල යනවා. YouTube වෙබ් අඩවියේ වැඩියෙන්ම dislike පලවුන video එක වෙන්නෙ 2018 වසරේ YouTube Rewind එකයි. ඒ හේතුවෙන් ඊට පසුව වාර්ෂිකව එලිදක්වපු YouTube Rewind නවත්වන්නත් YouTube සමාගම තීරණය කරා.

මේ dislike hide කිරීම YouTube ආයතනය පරික්ශා කරන්න ගත්තෙ පසුගිය මාර්තු මාසයේ ඉඳන්, ඒකට ආපු හොඳ ප්‍රතිචාරත් එක්ක මේ update එක ලෝකය පුරාම නිකුත් කෙරෙනවා. සමහරවිට ඔයාලගෙත් YouTube web app එකේ හෝ YouTube mobile app එකේ මේ වෙද්දිත් dislike count එක hide වෙලා ඇති.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...