2025 වන විට laptop එකක් තෝරා ගැනීමේදී ඔබට විකල්ප කිහිපයක්ම තිබේ. ඔබ laptop පරිගණකය මිලදී ගන්නේ game හෝ video editing වැනි කටයුතු සඳහා ද Education හෝ Office වැනි කටයුතු සදහා ද නැතිනම් පරිගණක භාවිතයට අත්පොත් තබන අයෙක් සඳහා ද යන්න සලකා බැලීම ඉතා වැදගත් වේ.
ඉහත කී කාර්යයන් සදහා සුදුසුම operating system එකක් තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ. macOS ,Windows, linux, chrome os වැනි මෙහෙයුම් පද්ධති කීපයක් ම 2025 වන විට දක්නට ලැබෙන අතර ඒවා ට අපිට අවශ්‍ය software එම මෙහෙයුම් පද්ධතිය සදහා තිබේද නොතිබේද යන්න සලකා බැලීම ද ඉතා වැදගත් වේ. තවද ඔබ තෝරාගන්නා මෙහෙයුම් පද්ධතියෙන් ඔබේ කාර්යයන් පහසුවෙන් සිිිදු කල හැකිද , ඔබේ productivity එක ට හානියක් සිදු නොවන ආකාරයට operating system එකක් තෝරා ගැනීම සිදු කල යුතුය.

Laptop එකක් තෝරා ගැනීමේ දී RAM සහ storage පිලිබද ව ද සැලකිලිමත් විය යුතුය.සමහර අවස්ථා වල MacOS හෝ Linux වැනි මෙහෙයුම් පද්ධති වලිිිදී 4GB RAM වලින් සිදු කල හැකි වැඩ ප්‍රමාණය සිදු කර ගැනීමට Windows වැනි මෙහෙයුම් පද්ධතියකින් සිදු කරගන්නා විට 8GB පමණ RAM එකක් අවශ්‍ය වේ. laptop එකක් මිලදී ගැනීමේදී, RAM සහ storage upgrade කල හැකිද යන්න හෝ අමතර slots ඇති බව ද බැලීම අවශ්‍ය වේ. නැති නම් ඔබගේ Laptop පරිගණකයේ Storage සහ RAM එක මදි වූ විට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවේ.

ඔබේ අවශ්‍යතා සමඟ ගැලපෙන හොඳම GPU තෝරා ගැනීම ද අත්‍යාවශ්‍ය වේ. Intel Iris Xe හෝ AMD Radeon Vega Graphics වැනි integrated GPUs මගින් office වැඩ, educational කටයුතු හා පරිගණකයට අත්පොත් තබන අයකුගේ මූලික කටයුතු සිදු කර ගැනීමට ඉතාමත් ප්‍රමාණවත් වේ. ඔබ laptop පරිගණකයෙන් gaming , Video editing වැනි Professional මට්ටමේ වැඩ කටයුතු කරන අයෙක් නම් NVIDIA GeForce RTX සහ AMD Radeon RX වැනි GPU ඇති ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම ඉතා උචිත වේ.

ඔබේ වැඩ වලට ගැලපෙන CPU එකත් තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ. කැම්පස් වැනි education වැඩ වලට , office වැඩ වලට Light-weight CPU ඉතා සුදුසු වන අතර අවම බැටරි බලයෙන් වැඩි කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය නම් AMD Ryzen series, Intel 14th/15th , Macbook’s M series හෝ Qualcomm x elite වැනි CPU ඇති ලැප්ටොප් ඉතා උචිත වේ. high-end tasks හෝ gaming කටයුතු සිදු කරන්නන් සඳහා high-performance CPU සහිත laptop පරිගණකයක් මිලදී ගැනීම සුදුසු වේ.

ලැප්ටොප් පරිගණක වල Cooling පිලිබදව සැලකිලිමත් වීමද ඉතා වැදගත් වේ. ඒ තුල cooling සදහා ඇති ඉඩ කඩ ඉතාමත් සීමිත ය. ලැප්ටොප් පරිගණකයෙන් උපරිම වැඩ කොටසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් Cooling සදහා හොදට ඉඩ කඩ වෙන් කර ඇති , ෆෑන් ගණන වැඩි , වා සිදුරු වැඩි ලැප්ටොප් පරිගණකයක් භාවිතා කිරීම හා අමතර cooling Pad එකක් භාවිතා කිරීම ද ඉතා උචිත වේ. ලැප්ටොප් පරිගණකය Over heat වන්නේ නම් එහි ආයුකාලය අඩුවීමට අවදානමක් ඇති අතර එමගින් හානියක් සිදු වුවහොත් ලැප්ටොප් පරිගණකයේ Warranty එක අවලංගු වීමේ ද අවදානමක් ඇත.
ඔබ මිලදී ගන්නා ලැප්ටොල් පරිගණකයේ ඔබ කරනා කටයුත්ත අනූව එහි Display එක පිලිබදව ද සැලකිලිමත් වීම සිදු කල යුතුය. ඔබ Professional මට්ටමේ Video editing , Graphic design වැනි කටයුතු කරන්නෙ නම් color accurate තිරයක් තිබීම ඉතා උචිත වේ . ඔබ ලැප්ටොප් පරිගණකයෙන් Gaming සිදු කරන අයෙක් නම් තිරයේ refresh rates පිලිබදව සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. තවද External Monitor එකක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නෙ නම් ඒ සදහා සුදුසු display output ports තිබේ දැයි බැලිය යුතුවේ. ඔබ සාමාන්‍ය වැඩකටයුතු සදහා ලැප්ටොප් පරිගණකය මිලදී ගන්නේ නම් එහි සාමාන්‍ය display එකක් තිබීම හොදටම ප්‍රමාණවත් වේ. තවද ඔබට Touch screen එකක් සහිත ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය නම් ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි එයද තොරාගැනීම කල යුතුවේ.

මීට අමතරව ඔබගේ අතට පහසු වන ආකාරයට track-pad සහ keyboard එක තිබේද යන්න බැලීමද ඉතා වැදගත් වේ. ඔබට අවශ්‍ය නම් Number-pad , keyboard back light තිබෙන Laptop එකක් මිලදී ගත හැකිය. තවද ඔබ online meetings සහ game streaming වැනි කටයුතු සදහා ලැප්ටොප් පරිගණකයක් සොයන අයෙක් නම් high-quality speakers, webcam සහ microphone තිබෙන ලැප්ටොප් පරිගණකයක් තෝරා ගැනීම සුදුසු වන අතර ඔබ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන අයෙක් නම් Face-lock , Fingerprint වැනි පහසුකම් ඇති පරිගණකයකට මුදල් යෙදවිය හැකිය. ඔබ fiber වැනි අන්තර්ජාල සබදතාවක් භාවිත කරන්නේ නම් LAN Port එකක් තිබේ දැයි බැලීමද ඔබට අවශ්‍ය අනෙකුත් input , output ports තිබේ දැයි බැලීම ද සිදු කල යුතුවේ.
ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය වන්නෙ ජංගමව තමන්ගේ වැඩකටයුතු සිදු කරන අයටයි . නමුත් එක ස්ථානයක සිට වැඩ කරන අයෙක්ට නම් ලැප්ටොප් එකකට වඩා desktop පරිගණකයක් භාවිතය ඉතා සුදුසුවේ. මන්ද එකම මිලට හෝ එකම පරම්පරාවෙ හෝ desktop හා laptop පරිගණකයන් දෙකක් සැසදු විට desktop පරිගණකයේ performance ඉදිරියෙන් තිබෙන නිසාවෙනි. එපමණක් නොව Desktop පරිගණකයක Cooling ද ඉතා හොදිිින් සිදුවන නිසා එමගින් උපරිම වැඩ කොටසක් සිදු කල හැකිය. තවද Desktop පරිගණකයක Hardware Upgrade කිරීමද ඉතා පහසුවෙන් සිදු කල හැකිය.

ඔබට ඇති ගැටළු පහලින් comment කරන්න. ඔයා ගන්න යන Laptop model එකත් පහලින් comment කරන්න.





















Leave a comment