Home Tech News Internet “OK Google” අවශ්ය නැති Google Assistant
InternetsoftwareTech News

“OK Google” අවශ්ය නැති Google Assistant

Share
blank
Share

මීට මාස කිහිපයකට කලින් වාර්තා වුනා Google ආයතනය “Guacamole” කියල project එකක් ආරම්භ කරල තියනව කියලත් ඒකෙදි Google Assistant හට “OK Google” hot phrase එක නැතුව වුනත් විධාන දීමේ හැකියාව ගැන පරික්ශා කරමින් ඉන්නව කියන එකත්. ඒත් ඒ කාලයෙ අපිට දැනගන්න ලැබුනෙ නේ මේ පහසුකම ලැබෙන්නෙ එක්තරා commands කිහිපයකට පමණක්ද නැතිනම් smart devices වලට පමණක්ද කියන එක. නමුත් මේ වෙද්දි ඒ ගැන අලුත් තොරතුරු වාර්ත වෙනවා. මේ පහසුකම මේ වෙද්දි හඳුන්වන්නෙ “salsas” කියන නමින්.

මේ “salsas” ක්‍රියාත්මක කරන්න පුලුවන් Assistant Settings page එකේ “quick phrases” කොටසෙන්. දැනට මේ පහසුකමේ ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නෙ ලබාදීල තියන විධාන ලැයිස්තුවක් පමණයි. ඒ ලැයිස්තුවෙත් තියන විධාන සියල්ල මුලින්ම active වෙලා තියෙන්නෙ නෑ. අපිට ක්‍රියාත්මක වෙන්න ඕන විධාන තෝරන්න ඕන, එතකොට තමයි Google Assistant ඒ ඒ විධාන දෙනවද කියල ඇහුන්කන් දෙන්නෙ. දැනට ලැයිස්තුගත කරල තියන “salsas” වර්ග නවයකට බෙදල තියනවා, ඒ තමා Recommended, Alarms, Connect, General info, Lights, Media Controls, Timers, සහ To-Dos. අපිට කැමති විධානයන් දීල custom salsas සාදගන්න හැකියාවක් දැනට නෑ.

මේ salsas ක්‍රියාත්මක කරාට පස්සෙ ඒවට පිළිතුරු දෙන්න අවශ්‍ය devices තෝරගන්නත් වෙනම section එකක් තියනවා. මේ වෙද්දි ඒ section එකනම් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. බොහෝවිට මේකෙ Google Assistant ක්‍රියාත්මක smartphones, smart displays, සහ smart speakers ලැයිස්තුගත වෙලා තියේවි. තවත් විශේෂ දෙයක් තමයි මේ salsas වලට පිළිතුරු දෙන්නෙ කලින් Google Assistant වෙත register කරපු කටහඬවල් වලට විතරයි. ඒ කියන්නෙ වෙන commands වගේ ඕනම කෙනෙක්ට මේ salsas ක්‍රියාත්මක කරන්න බෑ.

කොහොම උනත් මේ පහසුකම ගැන තම පෞද්ගලිකත්වය ගැන අවධානය යොමු කරන පිරිස් කොහොම ප්‍රතිචාර දක්වයිද කියල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...