Home Tech News Explained Xiaomi විසින් දුරකථන සඳහා Loop LiquidCool නමින් නව තාක්ෂණයක් හඳුන්වාදේ.
ExplainedPhonesTech News

Xiaomi විසින් දුරකථන සඳහා Loop LiquidCool නමින් නව තාක්ෂණයක් හඳුන්වාදේ.

Share
blank
Share

අපි හැමෝම දන්න දෙයක් තමයි Smartphone chipsets අවුරුද්දෙන් අවුරුද්දට වඩාත් බලවත් වෙනව කියන කාරණය, එහෙම උනත් තවමත් මේ chips වල අනවශ්‍ය රත් වීම සිදු වෙන දෙයක්. දැනට මේ රත් වීම පාලනය කිරීම සඳහා යොදාගන්නා ක්‍රම වලට heat pipes යොදා ගැනීම සුලභව සිදු වෙනවා.

මේ අතර Xiaomi ආයතනය විසින් මේ මූලික heat pipes වල කාර්‍යක්ෂමතාව දෙගුණයක් වැඩි කරන “Loop LiquidCool” නමැති අලුත් තාක්ෂණයක් සංවර්ධනය කරල තියනවා. මේ තාක්ෂණය සහිත Xiaomi දුරකථන 2022 දෙවන භාගයේදී අපිට බලාගන්න හැකියාව ලැබේවී.

මේක වැඩ කරන විදිහ ඉහත රූපයෙන් බලාගන්න පුලුවන්. phone එකේ chip එකෙන් නිපදෙවෙන තාප‍යෙන් මේ පද්ධතියෙ තියෙන දියරය වාෂ්ප වීමකට ලක් වෙනවා. ඒ රත්වුන වාෂ්පය බටයක් දිගේ ඇවිත් condenser එක ඇතුලෙදි සිසිල් වීමකට ලක් වෙලා (ලෝහ රාමුව heat sink එකක් ලෙස භාවිතා කිරීමෙනි) ආපහු දියරයක් බවට පත් වෙනවා. ඒ සිසිල් වුන දියරය Refill chamber එකට ගිහින් නැවතත් වාෂ්ප වීම සිදු වෙන කොටසට යනවා. මේ ක්‍රියාවට චක්‍රයක් වගේ දිගටම සිදු වෙන්න පුලුවන්.

මේ ක්‍රියාව දැනටමත් භාවිතා වෙන සාමාන්‍ය heat pipes වල ක්‍රියාකාරිත්වයටත් සාමානයි, නමුත් වෙනස්කම් කිහිපයකුත් තියනවා. පලවෙනි වෙනස තමා මේ අලුත් පද්ධතිය තුලදි රත් වුන වාෂ්පය සහ සිසිල් වුන දියරය වෙන වෙනම ගබඩා වීම. සාමාන්‍ය heat pipes වල මේ දියරය සහ වාෂ්පය ගමන් කරන්නෙ එකම ලෝහ නලයක් තුලින්, ඒ නිසා මේ දෙක එකට ගැටෙන අවස්ථා වැඩී. මේ හේතුව සාමාන්‍ය heat pipes වල කාර්‍යක්ෂමතාව අඩු කරන්න හේතු වෙනවා.

දෙවෙනි වෙනස තමයි මේ අලුත් පද්ධතිය තුල වායූන් නිවැරදිව හැසිරවීම සඳහා Tesla Valves යොදා ගැනීම. ඒක Nikola Tesla විසින් සොයාගැනුන ක්‍රමයක්. ඒකෙන් කිසිම යාන්ත්‍රික කොටසක් නොමැතිව වායූන් එක දිශාවකට පමණක් ලේසියෙන් නිවැරදිව ගලායන ලෙස සකසන්න පුලුවන්.

ඒ තමයි අලුත් Loop LiquidCool තාක්ෂණය ක්‍රියාත්මක වෙන විදිහ. ඉහත වීඩියෝවෙ අපිට බලාගන්න පුලුවන් Xiaomi විසින් customize කරපු Mix 4 දුරකථනයක performance එකට මේ අලුත් තාක්ෂණය බලපාන්නේ කොහොමද කියලා. ඒ වගේම Xiaomi ආයතනය ප්‍රකාශ කරල තියනව මේ තාක්ෂණය chipset එකට අමතරව දුරකථනයේ battery, camera වගේ අනිත් කොටස් වලටත් යොදාගන්න පුලුවන් කියලා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...