Home Tech News Phones Redmi 9 Phone Review – Pcguidelk
PhonesReviewsTech News

Redmi 9 Phone Review – Pcguidelk

Share
Share

Redmi 9 කියන්නෙ 2020 ජුනි මාසෙ Launch කරපු, හැබැයි 2021 දිත් ගන්න පුළුවන් හොද Hardware spec එකක් තියෙන Midrange smartphone එකක් කියන්න පුළුවන්.

Redmi 9 Phone එක අපට Review කරන්න දුන්නේ Simplytek Solutions Shop එකෙන්. ඔයාට පුළුවන් මේ Phone එක වගේම තවත් Smart Phones | Accessories එතනින් ගන්න. 072 672 9729

Redmi 9 Phone එකේ Specifications වෙන්නෙ

launched2020 June 10
Body163.3 x 77 x 9.1 mm | 198 g | Glass front (Gorilla Glass 3), plastic back, plastic frame
SIM trayDual Nano SIM + SSD Card Slot
DisplayIPS LCD | 6.53 inches | 1080 x 2340 pixels | 395 ppi
SOCGPU Mediatek Helio G80 | 2 core x 2.0 GHz | 6 core x 1.8 GHz
GPU – Mali-G52 MC2
RAM + Storage32GB 3GB RAM, 64GB 4GB RAM, 128GB 4GB RAM, 128GB 6GB RAM
CameraQuad – 13 MP, 8 MP, 5 MP, 2 MP | Selfie 8MP | 1080p Video
BatteryLi-Po 5020 mAh, non-removable | Fast charging 18W

මේ Specs එක්ක Phone එකේ නිමාව ඉදිරිපස Gorilla Glass 3 සහ Plastic Frame සහ Back cover එකක් විදිහටයි තියෙන්නෙ. අගල් 6.53ක ලොකු IPS display එක සාමාන්‍ය 60hz refresh rate එකක් තියෙන්නෙ.

Battery

5020mAh battery එකක් එක්ක Phone එක කිසිම ගැටළුවක් නැතුව heavy user කෙනෙකුට දවසක් හෝ දවස් 2ක් (ඔයාගේ usage එක අනුව) පාවිච්චි කරන්න පුළුවන්. Game Play වලදි නම් පැය 2කට ආසන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 18W Fast Charging support කරන Phone එකෙත් එක්ක සපයන Charging brick එක 10W එකක් මේ නිසා Fast Charge කරන්න ඕන නම් වෙනම Charger එකක් ගන්න වෙනව.

Camera

ප්‍රධාන Camera 3ක් සහ Depth sensor එකක් තියෙන නිසා Photos විවිධ ප්‍රමාණවලින් ලබාගන්න වගේම ඔයාට ඕන Coverage area එක අනුව lens එක මාරු කරන්න පුළුවන්. Phone එකේ Software වලිනුත් Panorama, Portrait mode වගේ ගොඩක් පහසුකම් තියෙනව. ඒ වගේම Selfie සහ main Camera වලින් 1080p Video Record කරන්න පුළුවන්. Video වලදි image stabilization තියෙනව. පහත Samples ඔයාට Download කරල බලන්න පුළුවන්.

Calls

Phone එක පාවිච්චි කරපු කාලය තුල Calling Quality එක ඉතාම හොදයි. Calls Drop වීමක් හෝ Distortion කිසිම දෙයක් නැහැ. Google Phone App එක නිසා ඔයාට හදිසියෙන් Contact එකක් Edit කරන්න ඕන නම් Phone එකෙන් ඉවත් වෙලා Contacts App එකට යන්න වෙන එක ටිකක් ගැටළු සහගත වෙනව.

Gaming

Phone එකේ Gaming Experience එක ඉතාම හොදයි. PUBG Mobile එකේ Gameplay එක ඔයාලට පහත අපේ Review එකෙන් බලන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

12 Comments

Leave a Reply to Minuka wickramasuriyaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...