Home Tech News Computers intel නිකුත් කරපු පරිගණක කෝටුව
ComputersTech News

intel නිකුත් කරපු පරිගණක කෝටුව

Share
blank
Share

Intel සමගම සිය කුඩා ප්රමාණයේ, පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකි පරිගණක ව්යාපෘතියක් වන Intel® Compute Stick දැක්වුයේ මීට වසර 6කට පමණ පෙර එනම් 2015 දීය. මෙම පරිගණකය කෙතරම් ප්රමාණයෙන් කුඩා ද යත් මෙය අගල් 4ක් දිග අගල් 1.5ක් පමණ පළලක් ඇති උපකරණයකි.මේවා පොදුවේ හදුන්වන්නේ computer on a stick උපාංග යනුවෙනි.


මෙහි නවතම උපාංගය සමග Intel Atom® හෝ Intel® Core™ m මාදිලි වල processors වලින් මෙම උපාංගය ලබා ගත හැකි අතරම 4GB RAM මතකයක් හා 64GB දක්වා ROM මතකයක් මෙම පරිගණකය හා ලැබෙන අතරම අවශ්ය නම් MicroSD මගින් වැඩි හැක.තවද Intel සමාගමේ නවතම Intel® HD Graphics and Iris™ Graphics නිසා ඉතාම හොද තත්වයේ video output එකක් ලබා ගත හැකි අතරම එය 4K දක්වා සහය දක්වන බව Intel සමගම ප්රකාශ කරයි.ඒ සමගම Windows 10 මෙහෙයුම් පද්දතිය හා built in audio card එකක් ඇති බැවින් HD තත්වයේ audio output එකක් ලබා ගැනීමට හැකිවනු ඇත.

කෙසේ නමුත් මෙම Compute Stick නිපදවා ඇත්තේ gaming හෝ graphics editing වැනී බර වැඩ කිරීමට නොවන අතර සාමාන්ය අධ්යාපනික හා කාර්යාලීය වැඩ කිරීමට වේ.එනමුත් මෙම උපකරණය සතුව හොද cooling system එකක් ඇති අතරම heat sink හා කුඩා cooling fan එකක් ඇත.Intel® Compute Stick යනු බැටරි බලයෙන් වැඩ කරන පරිගණකයක් නොවේ, plug and play වර්ගයේ උපකරණයකි.එහි HDMI port එක හරහා අවශ්ය විදුලි සැපයුම ලබා ලබා ගන්නා මෙම උපකරණය සතුව Bluetooth හා WiFi පහසුකම් ඇති බවන් පහසුවෙන් මෙයට keyboard හා mouse වැනි උපාංග හා සම්බන්ද වේය හැක.අමතරව තවත් USB port එකක් ද පවතී.

පහසුවෙන් ඔබගේ රුපවාහිනිය පරිගණයක් බවට පරිවර්තනය කිරීමට ඔබට මෙමගින් හැකිවනු ඇත.භාවිත කිරීමේ පහසුව නිසා කාර්යාලීය හා අධ්යාපනික ක්ෂ්ස්ත්ර වල මෙය වඩාත් ප්රචලිතව පවතී.සබැ desktop පරිගණයක් සාක්කුවේ දැමිය හැකි තරමට පත්වීම සිහිනයක් නොව වසර ගණනක් තිස්සේ පවතින යථාර්තයකි.

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...