Home Games Among Us අලුත්ම Map එක
GamesTech News

Among Us අලුත්ම Map එක

Share
blank
Share

Innersloth විසින් develop කරපු Among Us වීඩියෝ ක්‍රීඩාවට 2020දි ඉතා ඉහල සාර්ථකත්වයක් ලබාගන්න පුලුවන් උනා. මුලින්ම 2018දි මේක release කරත් ප්‍රසිද්ධියට පත් උනේ පසුගිය අවුරුද්දෙ, ඒකට ප්‍රධාන හේතුවක් උනෙ Video Game Streamers ල මේ ක්‍ර්‍රීඩාව විශාල වශයෙන් Stream කරල ලබා දීපු ප්‍රසිද්ධිය. ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල තිබ්බ “The Game Awards” වලදි Among Us ක්‍රීඩාවෙ අලුත්ම Map එක tease කරා. ඒකෙ නම උනේ “Airship”. ඒකෙ Reveal Trailer එක ඔයාලට මෙතනින් ගිහින් බලන්න පුළුවන්.

ඔයාලට දැනටමත් තේරිල ඇති අලුත් map එක රතු පැහැති airship එකක තමා base වෙලා තියෙන්නෙ. Developers ල confirm කරල තියනවා අනිත් maps වල දකින්න නොලැබෙන අලුත්ම tasks, objects සහ platforms මේ map එකේ ඇතුලත් වෙනව කියල. තව දෙයක් තමා මේ map එකේදි players ලට තෝරගන්න පුලුවන් වෙනවා match එක පටන් ගන්න ඕන මොන room එකේද කියන එකත්. මේ airship update එකත් එක්ක අලුත්ම costumes රාශියකුත් දැකගන්න ලැබෙයි. ඒ වගේම මේ map එක සියලු players ලට නොමිලේ play කරන්න පුලුවන් වෙනව කියලත් innersloth සමාගම ප්‍රකාශ කලා.

The Game Awards වලදි ආරංචි උනේ මේ map එක 2021 වසරෙ මුල් භාගයෙ release කරනව කියලයි. හුඟක් අය බලාපොරොත්තු උනා ජනවාරි මාසය තුල මේක release කරයි කියල. නමුත් ඒක සිද්ද උනේ නෑ. ඒත් තවමත් මේ අවුරුද්දෙ මුල් කාලය හින්ද ඉදිරි මාස කිහිපය තුල Airship map එක developers ල release කරන්න ඉඩ තියනවා. ඒත් මේ වසංගත තත්වයත් එක්ක සමහරවිට ඒ කාලය තවත් දික් වෙන්න ඉඩ නැතුවමත් නෙවේ.

Innersloth ල ගිය අවුරුද්දෙ නිවේදනයක් කරා එයාල Among Us 2 ක්‍රීඩාවත් develop කරන්න පටන් ගන්නව කියල, නමුත් පස්සෙ එයාල සඳහන් කරේ ඒ අදහස අත් හැරල Among Us Original game එකේ development එක සඳහා තම සම්පූර්ණ අවධානය යොමු කරන බවත් ඒ ක්‍රීඩාවට ඉදිරියට තවත් contents එකතු කිරීමට බලාපොරොත්තු වෙනව කියලයි.

Share

2 Comments

  • අයියේ මට පොඩි උදව්වක් ඕනේ ..මම දැකලා තියෙනවා ගොඩක් YOU TUBERS ලා among US එක ප්ලේ කරනවා players ලා සීයක් දාහක් එක්ක විතර .. මම ඕ ලෙවල් කරන්න ඉන්නේ මේ දැන් ..ඕලෙවල් ඉවරවුන ගමන් යූටියුබ් චැනල් එකක් කරනවා ..මටත් දැනගන්න ඕන කොහොමද එහෙම players ලා සීයක් දෙසීයක් ගන්න පුළුවන් විදියට හදාගන්නෙ කියලා …එහෙම mod එකක් ගන්න අපි කාට හරි සල්ලි ගෙවන්න ඕනද එහෙම ගෙවනවා නං කීයක් ගෙවන්න ඕනිද නැත්තං free මොකක් හරි කරලා ගන්න විදියක් තියෙනවද ඒක පොඩ්ඩක් මට බලලා දැනගන්න පුලුවන්ද ……♥️PLZZXXX

    • Mamath dakala thiyanawa mrbeast wage loku youtubersla ehema karanawa. Mama hitanne ewa egolloma hadogaththa mods

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...