Home Tech News Ai නවතම කෘතිම බුද්ධි තාක්ශන සමාගම X.Ai
AiExplainedsoftwareTech News

නවතම කෘතිම බුද්ධි තාක්ශන සමාගම X.Ai

Share
blank
Share

අද වනවිට ලොව දෙවැනියට පොහොසත්ම පුද්ගලයා වන Elon Musk විසින් අලුත් කෘතිම බුද්ධි තාක්ශන සමාගමක් ආරම්බ කර තිබෙනව. එය X.Ai ලෙස නම්කර තිබෙනව. එම සමාගම පසුගිය මාසයේදී වැඩ ආරම්භ කල අතර එම සමාගම පිහිටුවීමේ අරමුන වී ඇත්තෙ ChatGPT නිර්මාණය කල OpenAi සමාගම සමග තරග කිරීමයි.

ChatGpt නිර්මානය කරන ලද OpenAi සමාගම මුලින්ම ආරම්භ කරන ලද්දෙ 2015දි Elon Muskගෙද සහය ඇතිවයි. එය OpenAi ලෙස නම් කර තිබෙන්නෙත් මස්ක් විසින්. මෙම OpenAi සමාගමේ කොටස් දෙකක් තිබී ඇත. ඉන් එකක් ලාබ නොලබන ආයතනය සහ අනෙක ලාබ ලබන ආයතනය වශයෙන්. මින් ලාබ නොලබන ආයතනයෙන් සිදුකරනු ලබන්නෙ නව සොයාගැනීම් ප්‍රසිද්ධ කිරීම වගේම Open Source වැඩසටහන් නොමිලේ නිකුත් කිරීමයි. ඔවුන් නිර්මානය කරන වාණිජමය වැඩසටහන් ලාබ ලබන ආයතනය මගින් විකිනීම සිදුකරනව.

OpenAi සමාගමේ ප්‍රදාන ආයෝජකය වන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගමයි. 2018දි මයික්‍රොසොෆ්ට් සමාගමෙ වෙළද අරමුනු වෙනුවෙන් පමනක් OpenAi සමාගම වැඩකරනායැයි පවසමින් Elon Musk සමාගමෙන් ඉවත් වුනා.

1999 වසරෙදි Elon Musk විසින් X.com නමින් ඔන්ලයින් බැංකුවක් ආරම්බ කර පසුව එය paypal ලෙස වෙනස් කර දියුනු කරනු ලැබුව. මේ ආකාරයට ඔහු ට්විටර් මිලදී ගනු ලැබුවේද මුදල් ගනුදෙනු සහ සෝශල් වැඩ සියල්ලක්ම එකම ඇප් එකකින් සිදුකල හැකි ආකාරයට සකසනු පිනිසයි. මේ සදහා ඔහුට තවත් අවශ්‍යව තියෙන්නෙ ChatGpt වැනි කෘතිම බුද්ධි වැඩසටහනක් පමනයි. එය නිර්මානය කිරීම සදහායි මෙම නව සමාගම ආරම්භ කර තිබෙන්නෙ.

දැනටමත් වෙනත් විවිධ කෘතිම බුද්ධි වැඩසටහන් පරීක්ශා කිරීම පිනිස ට්විටර් සේවය යොදාගන්නව. මීට පෙර තිබුනු twitter incorporation කියන නම වෙනුවට එයත් X incorporation ලෙස නම්කර තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...