Home Games ළගදීම නිකුත් වෙන Call of Duty Black Ops 6 Multiplayer
Games

ළගදීම නිකුත් වෙන Call of Duty Black Ops 6 Multiplayer

Share
blank
Share

Call Of Duty සංවර්ධනය කරන Activision සමාගමෙන් COD වලට singleplayer සහ multiplayer ක්‍රීඩා රැසක් හදුන්වා දුන්නා. මුලින් singleplayer ක්‍රීඩා ලෙස පමනක් තිබුනු COD පසුව Warzone වැනි ක්‍රීඩා සමග multiplayer ක්‍රීඩා කිරීමට හැකි ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වුනා.

කෙසේනමුත් පසුගිය මාසයකදි Activision සමාගම ප්‍රකාශ කර තිබුනෙ ඉදිරියට එන්න තියන COD multiplayer ක්‍රීඩා වල වෙනස්කම් කිහිපයක්ම සිදුවෙන බවයි. එම ප්‍රකාශයෙන් පසුව විවිධ කටකතා අලුතෙන් නිකුත් වෙන COD ක්‍රීඩාව ගැන තිබුනත් නිළ වශයෙන් මේ පිලිබදව තොරතුරු දැනගන්න ලැබෙන්නෙ පසුගිය දිනක Activision සමාගමෙන් නිකුත් කර තිබුනු COD Black Ops 6 multiplayer reveal trailer එකත් සමගයි.

මේ trailer එකට අනුව අපිට අලුත් Black Ops 6 multiplayer විශේෂාංගයෙන් Omni-movement mechanics දැකගන්න ලැබෙනවා. මේ Omn-imovements මීටපෙර විවිධ ක්‍රීඩා වල දැකගන්න ලැබුනා. උදාහරනයක් විදියට ඔබ 2000 වසරවල ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක් උනු Max Payne ක්‍රීඩා කර ඇත්නම් එහි මෙම Omni-movements දැකගන්න ලැබුනා.

මීට අමතරව අලුතෙන්ම හදුන්වාදෙන Multiplayer Maps 16ක් එක්කර තිබෙනවා. ඒවගේම අලුතෙන් Classic Prestige, Tomahawks සහ RC-XD වාහනත් එක්කර තිබෙනවා.

මේ අලුත් Black Ops 6 ක්‍රීඩාවේ beta test එක අගෝස්තු 30 වෙනිදා(අද) නිකුත් වෙනවා. දැනට මේ ක්‍රීඩාව Pre-order කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. මෙය නිළ වශයෙන් නිකුත් වෙන්නෙ ඔක්තෝම්බර් 25 වෙනිදායි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...