Home Tech News Explained GIGABYTE GeForce RTX 4060 Series නිකුත් කරයි
ExplainedGraphicsHardwareTech News

GIGABYTE GeForce RTX 4060 Series නිකුත් කරයි

Share
blank
Share

ලොව ප්‍රධාන පෙළේ computer components නිෂ්පාදකයෙකු වන GIGABYTE TECHNOLOGY සමාගම විසින් ඔවුන්ගේ නවතම GeForce RTX 4060 Series එක එළිදැක්වූවා. මෙම කාඩ් වලට DLSS 3 තාක්ශනය ඇතුලත් කර තිබෙන අතර NVIDIA® Ada Lovelace architecture එකට අනුකූලව බලගැන්වෙනව. ඒවගේම මේවායේ 3rd Gen ray-tracing තාක්ශනයත් අඩංගු වෙනව.

මෙම RTX 4060 Series Gigabyte Graphics Cards මේ වනවිට වෙළදපොලට නිකුත් වී තිබෙන අතර ප්‍රධාන මාදිලි 5කින් නිකුත් වෙනව

  • AORUS GeForce RTX 4060 ELITE 8G
  • GeForce RTX 4060 AERO OC 8G
  • GeForce RTX 4060 GAMING OC 8G
  • GeForce RTX 4060 EAGLE OC 8G
  • GeForce RTX 4060 WINDFORCE OC 8G

මෙම සියලුම කාඩ් මගින් powerful performance ලබාගැනීමේ හැකියාව තිබෙනව. ඒවගේම මේවා මගින් අඩු උශ්ණත්වයක් වගේම අඩු ශබ්දයක් නිකුත් වෙන නිසා පරිගණක ක්‍රීඩකයන්ට ක්‍රීඩාවේ හොදම අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව තිබෙනව.

RTX 4060 සදහා නිකුත් කල කාඩ් මාදිලි අතරින් වැඩිම performance තිබෙන්නෙ AORUS GeForce RTX 4060 ELITE 8G කාඩ් එකෙයි. ෆෑන් තුනකින් සමන්විත මෙම කාඩ් එකෙන් RGB lighting effects නිකුත් කිරීමේ හැකියාව‍ත් තිබෙනව.

මීට අමතරව GeForce RTX 4060 AERO OC 8G, GeForce RTX 4060 GAMING OC 8G සහ GeForce RTX 4060 EAGLE OC 8G යන කාඩ් තුනෙත් එක සමාන specification අඩංගු වෙනව. ෆෑන් තුනකින් යුක්ත වීමත් අඩු උශ්ණත්වයක් හා අඩු ශබ්දයක් නිකුත් කිරීමත් වඩාත් කල් පවතින ව්‍යුහයක් මගින් නවීකරණය කරන ලද Back-plate සහිතව මෙම කාඩ් තුනත් නිර්මානය කර තිබෙනව.

GeForce RTX 4060 WINDFORCE OC 8G කාඩ් මාදිලිය නිර්මානය කර තිබෙන්නෙ compact PC build සිදුකරන පරිශීලකයන් සදහායි. ෆෑන් දෙකකින් යුක්ත වන මෙහිත් අනෙක් කාඩ් වල තිබෙන powerful performance ඒ ආකාරයෙන්ම ලබාගැනීමේ හැකියාව තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

  • RTX 4060 එක 3060 එකත් එක්ක බැළුවම performance මදි කියනව නේද?

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...