Home Games Rockstar Games මව් සමාගම වන Take-Two Interactive විසින් Zynga සමාගම මිලදී ගනී
GamesTech News

Rockstar Games මව් සමාගම වන Take-Two Interactive විසින් Zynga සමාගම මිලදී ගනී

Share
blank
Share

පරිගණක ක්‍රීඩා ලෝකයේ ප්‍රසිද්ධ සංවර්ධකයින් දෙපලක් වෙන Rockstar Games සහ 2K Games වල මව් සමාගම වන Take-Two Interactive විසින් ප්‍රසිද්ධ සමාජ ක්‍රීඩා සංවර්ධක සමාගමක් වෙන Zynga ඩොලර් බිලියන 12.7 ක මුදලකට මිලදී ගන්න සූදානම් වෙනව කියල ආරංචි වෙනවා. මේ මිලදී ගැනීම මුදල් සහ කොටස් වල එකතුවක් ලෙස 2023 වසරේ පලමු බාගය වෙද්දි අවසන් කරන්න කටයුතු කරගෙන යනව කියලයි වාර්තා වෙන්නේ.

කලින් කීව වගේ ලොකු මුදලකට Take-Two Interactive විසින් Zynga මිලදී ගැනීමෙන් එම සමාගම mobile games වෙලඳපොලට දී ඇති අවධානය අපිට බලාගන්න පුලුවන්. Take-Two Interactive කියන්නෙ ලෝකයේ තියන ප්‍රසිද්ධම පරිගණක ක්‍රීඩා franchises කිහිපයක් වෙන Grand Theft Auto, Red Dead Redemption, BioShock, Borderlands, සහ NBA 2K වල හිමිකරුවන්.

Zynga කියන්නෙත් එසේ මෙසේ සමාගමක් නෙවෙයි. මීට අවුරුදු ගාණකට කලින් අපි හැමෝම වගේ Facebook එකේ පැය ගණනක් ක්‍රීඩා කරපු FarmVille ක්‍රීඩාවේ සංවර්ධකයන් වෙන්නෙ මොවුන්. ඒ වගේම මෙයාල Words With Friends කියන ප්‍රසිද්ධ ක්‍රීඩාවෙත් හිමිකරුවන්, මේ ක්‍රීඩාව ටික කාලයකට පස්සෙ Messenger හරහාත් ක්‍රීඩා කරන්න හැකියාව ලැබුනා. ඒ වගේම Zynga විසින් ඉදිරියේදි Snapchat සඳහා Among Us වගේ Revamp නම් ක්‍රීඩාවකුත් එළි දක්වන්න සූදානමෙන් ඉන්නවා.

“Zynga සතුව පවතින mobile සහ next generation platforms පිලිබඳ විශේෂඥතාව සහ Take-Two Interactive සතුව ඇති හැකියාවන් සහ බුද්ධිමය දේපළ එකට එක් කිරීමෙන් පරිගණක ක්‍රීඩා හරහා ලෝකය එකට සම්බන්ධ කිරීමේ අපගේ මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අපට හැකි වෙනවා” කියල Zynga හි ප්‍රධාන විධායක නිලධාරී Frank Gibeau විසින් මේ මිලදී ගැනීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරල තියනවා.

Take-Two Interactive විසින් මේ විදිහට ඩොලර් බිලියන 12.7 කට Zynga මිලදී ගැනීම වීඩියෝ ක්‍රීඩා ඉතිහාසයේ විශාලම සමාගම් මිලදී ගැනීම. ඒක Microsoft විසින් පසුගිය මාර්තු මාසයේ අවසන් කරපු ඩොලර් බිලියන 7.5 කට Bethesda සමාගම මිලදී ගැනීම සහ Supercell හි බහුතර කොටස් Tencent විසින් ඩොලර් බිලියන 8.57 කර මිලදී ගැනීමට පවා වැඩියි.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

2 Comments

  • අවුරුදු 6 දී GTA 5 (2013) relese කරේ.දැන් 14යි.තාම GTA 6 නෑ.මොන @#$% rockstar

    • සිරාවට ඔයි හිත සනසන්න ට්‍රයිලොජියක් එව්ව එක ආවට වඩා හොදයි පරන ගේම් ටිකම ගහගහ ඉන්නව

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...