Home Tech News software Windows 8.1 සඳහා සහය දැක්වීම ලබන වසරේ නවත්වන බවට දැනුම් දේ
softwareTech NewsUpdates

Windows 8.1 සඳහා සහය දැක්වීම ලබන වසරේ නවත්වන බවට දැනුම් දේ

Share
blank
Share

තවමත් කවුරුහරි Windows 8.1 තමන්ගෙ PC හෝ Laptop එකක මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගෙන ඉන්නවනම් ඒක upgrade කරන්න කාලය ඇවිල්ල තියෙන්නේ. Microsoft විසින් දැනුම් දීල තියනව Windows 8.1 සඳහා වන අවසන් update එක 2023 වසරේ ජනවාරි 10 නිකුත් වෙන්න නියමිතයි කියලා. සමාගම ප්‍රකාශ කරල තියනව ඉදිරියේදී Windows 8.1 users ලට මේ සහය දැක්වීම අවසන් කිරීම පිලිබඳව දැනුම් දීම මේ වෙනකොටත් ආරම්භ කරල තිබෙන බව.

පහත තියෙන්නෙ ඒ විදිහට ලැබෙන notification එක. ඒකෙ පේන විදිහට මේ update එක ගැන වැඩිදුර දැන ගැනීමට, පසුව දැනුම් දීමට හෝ සහය දීම නැවැත්වූ විට මතක් කරන්න කියල තෝරාගැනීම් තුනක් කරන්න පුලුවන්. මේ දැනුම් දීම කලින් මෙහෙයුම් පද්ධති වල සහය දැක්වීම නවත්වද්දි කරපු දැනුම්දීම් වගේ “සැර” දැනුම්දීමක් නෙවෙයි. ජනවාරි 10 වෙනකන්ම දැනුම් දීම සිදු නොකරන්න වගේ option එකක් තියන එක විශේෂයි, ඒ වගේම “Remind me later” වගේ option එකකින් මාසයකට සැරයක් වගේ මේ notification එක දැකගන්න සකස් කරගන්න පුලුවන්.

Windows 8.1 users ල දැනටමත් ඉන්නෙ ඉතා කුඩා පිරිසක් නිසා මේ යාවත්කාලීන කිරීම සිදුකිරීමට කලින් වගේ බල කිරීමට Microsoft ආයතනය සූදානමක් නැති බවක් තමයි පෙනෙන්නේ. උදාහරණයක් කීවොත් මීට කලින් Windows XP සහ Windows 7 වල සහය දැක්වීම නවත්වනකොටත් ඒ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන විශාල පිරිසක් සිටියා. නමුත් ඒ මෙහෙයුම් පද්ධති වගේ Windows 8 එතරම් ජනප්‍රිය වුනේ නෑ, ඒ එක්කම නොමිලේ ලබාදුන්න Windows 10 upgrade එකත් එක්ක අතිශය බහුතරයක් වූ Windows users ල Windows 10 භාවිතයට පටන් ගත්තා.

Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති නොමිලේ upgrade කිරීම වසරක් වගේ යනකන් advertise කරත් තවමත් Windows 11 වලට upgrade කිරීමට Windows 7, 8.1, හෝ 10 key එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නෙ Windows 10 වලට upgrade වීමට Windows 7, 8.1 key එකක් යොදාගැනීමට හැකියාව තියනවා. Windows 10 සහය දක්වන සියලු hardware වලට Windows 11 සහය දක්වන්නෙ නැති නිසා Windows 10 වලට upgrade වීම වඩාත් සුදුසුයි. Windows 10 වලට 2025 වසර වෙනකන් සහය දක්වනව කියල Microsoft විසින් තහවුරු කරල තියනවා.

සහය දැක්වීම නැවැත්වුනාට පස්සෙත් Windows 8.1 කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චිචි කරගෙන යන්න පුලුවන්, නමුත් කිසිම update එකක් ලැබෙන්නෙ නෑ. පරිගණකයේ කරන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන යාමට හැකියාව තියනවා, කොහොම උනත් Store එක 2023 ජූලි මාසයේ වසා දමනව කියලයි වාර්තා වෙන්නේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...