Home Tech News social media හිතවතී – සයිබර්  අවකාශයේ ඔබේ යෙහෙළිය……….
social mediaTech Newswebsites

හිතවතී – සයිබර්  අවකාශයේ ඔබේ යෙහෙළිය……….

Share
blank
Share

හිතවතී (Hithawathi)යනු LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන සයිබර් හිරිහැර සහ ඒ ආශ්‍රිතව සිදුවන බලපෑම අවම කිරීම සඳහා කැප වූ ව්‍යාපෘතියකි . ප්‍රජා දැනුවත් කිරීමේ සේවාවන් මෙන්ම සයිබර් ස්ටෝකිං (cyberstalking), සයිබර් බුලීං (cyberbullying), බ්ලැක්මේල් (blackmail) සහ වෙනත් ඕනෑම ආකාරයක හිරිහැරයකට ගොදුරු වූවන්ට මග පෙන්වීම සහ සහාය ලබා දීම මූලිකවම අරමුණු කෙරේ.

මෙම ව්‍යාපෘතිය අද වෙබ් අඩවියක්, විද්‍යුත් තැපෑලක්, දුරකථන ඇමතුම්, යනාදී විවිධ මාර්ගවලින් සමන්විත වන අතර, බහු නාලිකා සහ වේදිකා ඒකාබද්ධ ජාලයක් හරහා  දැනුම, සහය, මාර්ගෝපදේශක සහ උපදේශන සේවා රැසක් ලබා දෙයි.

අන්තර්ජාලය භාවිතා කරන්නන්, විශේෂයෙන්ම තරුණ ගැහැණු ළමයින්, කාන්තාවන්, යොවුන් වියේ පසුවන්නන් සහ බාලවයස්කාරයන් සඳහා සහායකයෙකු, සවන්දෙන්නෙකු, මාර්ගෝපදේශකයෙකු,සහ උපකාරකයෙකු ලෙස ‘හිතවතී’ හැඳින්විය හැකිය. ‘හිතවතී’ මගින් සයිබර් හිරිහැර, සයිබර් සොරකම්, බ්ලැක්මේල් සහ සයිබර් බුලීං ආදියට අදාළ සිදුවීම් හඳුනා ගන්නා ආකාරය පිළිබඳවජනතාව දැනුවත් කරයි.එමෙන්ම ‘හිතවතී’ එවැනි සිදුවීම් වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කරන අතර එවැනි තත්ත්වයන් ඇති වුවහොත් මඟ පෙන්වීමට සැමවිටම සහය වේ.

‘හිතවතී’ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට, දරුවන්ට සහ වින්දිතයන්ට හෝ තොරතුරු සොයන අයට පහසුකම් සපයන නමුත්, එය කාන්තාවන්ට පමණක් සීමා නොවේ. ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ලිංගභේදය, වයස, හෝ කිසිදු  සීමාවක් නොතකා ‘හිතවතී’ වෙතින් උදව් හෝ උපකාර ඉල්ලා සිටිය හැක. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හිතවතී සහය ලබා ගැනීමට හැකියාව ඇත. වින්දිතයාට ඇහුම්කන් දී ඔවුන් නිවැරදි මාවතට යොමු කිරීමට සඳහා මනා පුහුණුව ලත් විශ්වාසවන්ත කාන්තා නිලධාරිනියන් විසින් පමණක් හසුරුවනු ලබන ඔවුන්ගේ උපකාරක සේවාව හරහා ‘හිතවතී’ මෙවැනි ඕනෑම ගැටලුවක් සඳහා උපකාර ලබාගත හැකිය. ‘හිතවතී’ ව්‍යෘපෘතිය වෙතට ලැබෙන සියලුම පැමිණිලි /ගැටලු වල රහස්‍යභාවය සහතික කරයි. දැනට මෙම සේවාව  කාර්යාල වේලාවන්හිදී – එනම් සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 08.30 සිට සවස 7.00 දක්වා සහ සෙනසුරාද පෙව 08.30 සිට සවස 5.00 දක්වා ලබාදෙන අතර ඉදිරියේදී එය 24 x 7 දක්වා දීර්ඝ කිරීමට අදහස් කෙරේ.

හිතවතී ව්‍යාපෘතියේ ප්‍රධාන විශේෂ සේවා :

  • නවතම තොරතුරු , දැනුම සහ අදාළ මාර්ගෝපදේශ සහිත වෙබ් අඩවිය
  • වෙබ් අඩවියේ සජීවී කතාබස් (Live Chat)
  • පැමිණිලි කළමනාකරණ පද්ධතිය
  • ක්ෂණික ඇමතුම් අංකය මෙහෙයවනු ලබන්නේ පුහුණු කාන්තා නිලධාරිනියන් විසින් පමණි.
  • වත්මන් සයිබර් අපරාධ පිලිබඳ මනා අවබෝධය
  • වෙබ් අඩවිය, Viber/Whatsapp කණ්ඩායම් සහ සමාජ මාධ්‍යවල පළ කරන සයිබර් ආරක්ෂණ උපදෙස් සහ සයිබර් ප්‍රවෘත්ති
  • online දැනුවත් කිරීමේ වැඩසටහන්
  • ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් ප්‍රකාශිත මාසික ඩිජිටල් සඟරාවක් (දෙමළ භාෂා සංස්කරණයක් දියත් කිරීමට සැලසුම් කරමින් පවතී)
  • කාලීන මාතෘකා පිළිබඳ Webinars වැඩසටහන්
  • ෆේස්බුක් හි සතිපතා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්
  • ළමයින් වෙනුවෙන්ම රචිත සයිබර් සුරැකුම පොත් පිංච බෙදා හැරීම
  • රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආරාධනයෙන්, LKDR හි පුහුණු වැඩසටහන් සහ අනුබද්ධ හවුල්කාරිත්වයන් යටතේ, Hithawathi කණ්ඩායම සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.

පහත ඔ්නෑම මාධ්‍යක් හරහා හිතවතී සමඟ සම්බන්ධ වීමට පුළුවන්.

Phone – +94 11 421 6062

WhatsApp Viber – +94 77 771 1199

Email – help@hithawathi.lk

Web & Live Chat – www.hithawathi.lk

Facebook – www.facebook.com/hithawathi

Skype – live:hithawathi 

Twitter – hithawathi

LinkedIn – Hithawathie

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...