Contact Information

WhatsApp Us

Galaxy Z Fold 3 සහ Z Flip 3 තතු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Samsung සමාගම තමන්ගෙ flagship නිශ්පාදන වල විශේෂ තැනක් ගන්න Folding Phones වල අලුත්ම device 2 මේ වෙද්දි එලි දක්වල තියනවා. ඒ පසුගිය දවසක තිබුන Galaxy Unpacked event එකකදී. ඒ Galaxy Fold 3 සහ Galaxy Flip 3. මේ device ගැන අද කතා කරමු.

Samsung Galaxy Z Fold 3

Fold 3 දුරකථනයේ ප්‍රධන display එක, ඒ කියන්නෙ ඇතුලෙ තියන screen දෙක විදිහට පාවිච්චි වෙන්නෙ අඟල් 7.6ක QXGA+ Infinity Flex Dynamic AMOLED display දෙකක්. මේ display එකට 120Hz adaptive refresh rate එකක් තියෙනවා. display එකේ glass එක Fold 2 එකේ glass එකට වඩා 80%ක් පමණ ශක්තිමත් කියල Samsung සමාගම ප්‍රකාශ කරල තිබුනා. ප්‍රධාන display එකට අමතරව ඉදිරියෙන් තියෙන්නෙ අඟල් 6.2ක HD+ Dynamic AMOLED display එකක්. ඒකටත් 120hz refresh rate එකක් තියනවා. මේ display එක ආරක්ශා වෙන්නෙ Corning Gorilla Glass Victus වලිනුයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ දුරකථය බලගැන්වෙන්නෙ අලුත්ම Snapdragon 888 processor එකකින්. 12 GB වේගවත් Ram එකක් වගේම Storage එක විදිහට 256GB සහ 512GB විදිහට තෝරගන්න options දෙකකුත් දීල තියනවා. Fold 3 දුරකථනයට S Pen එකත් සහය දක්වනවා. මේ event එකේදි අලුත් S Pen දෙකකුත් හඳුන්වලා දුන්නා.

මේ දුරකථනයේ primary camera එක 12 megapixels වලින් සම්න්විතයි, ඒකට Phase Detection Auto-Focus, Optical Image Stabilization වගේ දේවල් කරන්න පුලුවන්. OIS සහ 2X optical zoom එකක් තියන 12 megapixels’ telephoto lens එකකුත් මේ දුරකථනයේ ඇතුලත් වෙනවා. Ultra wide sensor එක අංශක 120ක 12 megapixels’ sensor එකක්. මේ camera වලට අමතරව 10 megapixels front-facing camera එකක් සහ 4 megapixels under the display camera එකකුත් Fold 3 දුරකථනයේ සමන්විතයි.

Fold 3 දුරකථනයට IPX8 rating එකක් තියනවා. පැත්තකින් අපිට දැකගන්න පුලුවන් fingerprint sensor එක. 4400mAh ක බැටරි එකක් එක්ක 25W wired සහ 10W wireless charge කිරීමේ හැකියාවක් තියනවා. 4.5W ක reverse wireless charging පහසුකමත් ඇතුලත්.

මේ දුරකථනයේ මිල ගැන කතා කරොත් 12GB RAM සහ 256GB storage සහිත model එක $1799.99 ක් වෙනවා. 12 GB RAM සහ 512GB එක්ක එන model එක $1899.99 ක් වේවි. මේ දුරකථන දෙකම 5G වලට සහය දක්වනවා.

Samsung Galaxy Z Flip 3

Samsung Galaxy Z Flip 3 දුරකථනය 120Hz adaptive refresh rate එකක් තියන අඟල් 6.7ක FULL HD+ Dynamic AMOLED display දෙකකින් සමන්විතයි. මේ display එක Infinity Flex කියල විශේෂ නමකිනුත් Samsung සමාගම හඳුන්වනවා. display එකේ ආරක්ශාවට Corning Gorilla Glass Victus පාවිච්චි කරල තියනවා. මීට අමතරව පිටතින් ඇති display එක අඟල් 1.9ක Super AMOLED display එකක්. මේකෙන් දුරකථනය flip නොකර messages සහ notifications බලාගන්න පුලුවන්.

Flip 3 දුරකථන‍යත් Snapdragon 888 processor එකකින් බල ගැන්වෙනවා. Ram එක 8GB. 128GB සහ 256GB වශයෙන් storage options දෙකක් බලාගන්න පුලුවන්. Android 11 base වෙච්ච One UI 3.1 තමා මේකෙ OS එක වෙන්නෙ. මේ දුරකථනයටත් IPX8 rating එක ලැබිල තියනවා.

මේ දුරකථනයේ පසුපස camera දෙකක් අපිට දැකගන්න පුලුවන්. 12 megapixels ප්‍රධාන camera එකක් සහ තවත් 12 megapixels ultra-wide camera එකක් තියනවා, ඒ sensors දෙකම HDR10+ සහ OIS වලට සහය දක්වනවා. මේවට අමතරව 10 megapixels selfie camera එකකිනුත් මේ දුරකථනය සමන්විතයි.

Flip 3 දුරකථනය 3300mAh බලයක් සහිත බැටරියක් ඇතුලත් වෙනවා. මේක 15w fast charging සහ 10W Qi wireless charging වලට සහය දක්වනවා. 4.5W reverse wireless charging කරන්නත් මේ දුරකථනයෙන් පුලුවන්.

Flip 3 දුරකථන‍යේ 128GB model එකේ මිල $999.99 ක් වෙන අතර 256GB model එක $1099.99 ක් වෙනවා. මේ දුරකථන දෙකත් 5G වලට සහය දක්වනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *