
Google සමාගම විසින් සංවර්ධනය කර නිකුත් කරන මෙය, open-source භාවිතා කල හැකි AI CLI Assistant මෙවලමකි. Apache 2.0 license එක යටතේ තියෙන නිසා community එකට contribute කරන්නත් මෙමගින් පුළුවන්. Google එකට login වීමෙන් Gemini 2.5 Pro සහ 1 million token context window එකක් යටතේ භාවිතය ලබා ගන්න පුළුවන්.
Gemini CLI එක coding සඳහා optimized උනාට පසුව, එය content generation, video production (Google Veo 3 ඔස්සේ), research reports, සහ real-time search integration වැනි දේවල් වෙනුවෙන්ද භාවිත කළ හැකි වේ. තවද එයට Model Context Protocol (MCP) එකත් support කරනු ලැබේ , workflows automate කිරීමේදී මෙය ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
මෙහිදී prompts customize කරන්න, extensions add කරන්න, database එක්ක integrate කරන්නත් පහසුකම ලැබෙනවා. මෙය Codex CLI, Claude Code වගේ tools වලට තරඟයක් දෙන, terminal-native සහ fully agentic assistant කෙනෙක්. Google සමාගමේ අරමුණ වන්නෙ මේකෙන් developer community එකත් එක්ක මුසුවීමට සහ Copilot වගේ third-party tools වලට අභියෝගයක් ලබා දීමටත් ය .
Leave a Reply