ඔන්න දැන් Instagram සහ TikTok, වෙතින් තමන්ගේම TV apps හඳුන්වාදෙන්න සූදානම් වෙලා තියනවා. Meta දැන් Instagram සඳහා dedicated TV app එකක් ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒ කියන්නේ, mobile එකේ reels බලන එකෙන් පමණක් නෙවෙයි, දැන් ඔයාට විශාල screen එකකින්ම reels scroll කරන්න, බලන්න, share කරන්නත් පුළුවන් වෙයි. TikTok එකත් මේ වෙනකොට smart TV වලට optimized version එකක් develop කරලා තියෙනවා.
මෙම update එක කියන තවත් වැදගත් දෙයක් තමයි YouTube Shorts හැම තැනම trend වෙනකොට, TikTok සහ Instagram සමාගම් short-form videos විශාල තිර වලට extend කරන්න බලනවා. මේකෙන් මේ ඇප්ස් කිසිදා mobile එකට හරි, computer එකට හරි සීමා වූ format එකක් නෙවෙයි කියන එක තහවුරු කරනවා.
TikTok සමාගමේ David Kaufman පවසා තියෙන්නේ, “Living rooms are the next frontier” කියලා. මේකෙන් කියන්න හදන්නේ, content consumption එක දැන් මුළුමනින්ම පවුලේ සියලුදෙනාට එකට share කරන්න පුළුවන් කියල.
ඒත් ඔයාලටම ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති reels වගේ vertical videos TV එකක බලද්දී අවුලක් නැති වෙයිද කියල? ඒකට මේ apps නව UI design එකකින්, remote control navigation-friendly විදිහට, vertical video format එකට best-fit වෙන layout එකකින් design කරලා තියෙනවා.
YouTube Shorts දැනට smart TV වලම dominate කරන වෙලාවේ, Instagram සහ TikTok එකේ මේ තීරන ගත්ත නිසා competition එක තවත් වැඩිවෙනවා.














Leave a comment