Home Tech News Ai වලින් ලෙඩ අඩු කරන හැටි
Tech News

Ai වලින් ලෙඩ අඩු කරන හැටි

Share
blank
Share

ඊශ්‍රායෙලය කොරෝනා වසංගතයේ ආදීනව අඩුවෙන්ම විඳි රටක්වූයේ, විද්‍යාත්මක පදනම මත පිහිටුවා රෝගය පාලනය කිරීමට කටයුතු කළ නිසා. එපමණක් නොව, දැන් ඊශ්‍රායෙලය වෙහෙසෙන්නේ අනාගතයේදී මතුවිය හැකි මෙවැනි වසංගත වෙතොත් ඒවාටද කලින්ම සූදානම්වීමටයි.

මෙසේ අනාගතයේදී ඇති වෙන්නට පුළුවන් වසංගත හෝ වෙනත් නරක දේ වේදැයි සෙවීම පිණිස කෘත්‍රිම බුද්ධි වැඩසටහන් (AI – Artificial Intelligence) යොදා ගැනෙනව. ඊශ්‍රායෙලයේදී එම කටයුතු මෙහෙයවන්නී, තිස්තුන් හැවිරිදි ආචාර්ය කිරා රැන්ඩින්ස්කිය. ඇය එරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ, අනාගතයේදී වෙන දේවල් කලින් කිව හැකි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් තැනීමේ විශේෂඥවරියක් ලෙසටයි.

ඇයගේ සමාගම වෙන ඊශ්‍රායෙලයේ Diagnostic Robotics විසින් මෙසේ කොරෝනා වසංගතය නැවත ඇතිවේදැයි දැන ගැනීම පිණිස වැඩ කරන ව්‍යාපෘතිය ‘කොවිඩ් 360 ප්ලැට්ෆෝම්’ ලෙස නම් කර තිබේ.

කිරා රැන්ඩින්ස්කි, ඊශ්‍රායෙලයේ ක්‍රියාත්මක දක්ෂ දරුවන්ට කලින්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15 දී ඊශ්‍රායෙල තාක්ෂණික ආයතනය හෙවත් ටෙක්නියන් විද්‍යාලයට ඇතුළත් වූවා. වයස 26 දී පරිගණක විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්නා විටත්, ඇය මයික්‍රොසොෆ්ට් රිසර්ච් ආයතනය සමඟ එක්ව අනාගතය පුරෝකථනය කළ හැකි පරිගණක වැඩසටහනක් නිපදවා සිටියා.

මෙම පරිගණක වැඩසටහනෙන් කරන්නේ අතීතයේ සිදුවීම් විශ්ලේෂණය කොට ඒවා ඇසුරෙන් අනාගතයේ විය හැකි දේ ගැන තීන්දුවකට ඒමයි. වසංගත පැතිරීම, නියඟය සහ ගංවතුර වැනි ස්වාභාවික විපත් සහ වෙනත් පාරිසරික වෙනස්කම් යනාදිය මෙම වැඩසටහන ඇසුරෙන් කලින්ම දැන ගන්නට පුළුවන්.

ඇංගෝලාවේ නියඟය (2006) සහ බංග්ලාදේශයේ නියඟය (1973), කොලරා වසංගතය (1974) අප්‍රිකාවේ ඇති වූ සුළි කුණාටු (2007) යනාදිය මෙසේ විමසා බැලුණු සිදුවීම්. ඉන් පෙනී ගියේ මෙම වැඩසටහන 70% ත් 90% අතර නිවැරදිතාවක් ඇති එකක් බවයි.

කිරා රැන්ඩිස්කිගේ මෙම වැඩසටහන ලෝක ප්‍රකට වූයේ වසර 2012 කියුබාවේ කොලරා වසංගතය පිළිබඳව ඇය කළ පුරෝකථනය නිසායි. මීට කලින් කියුබාවේ කොලරා වසංගතය පැතිරුණේ වසර 130 කට කලින්. එය නැවත පැතිරුණේමන්දැයි විද්‍යාඥයෝ වික්ෂිප්ත උනා. එහෙත් ඒ බව ඊට මාසයකට කලින් කිරා රැන්ඩින්ස්කි එය පුරෝකථනය කර තිබුනා.

එම සොයා ගැනීම නිසා, ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය විසින් කිරා රැන්ඩින්ස්කි, වයස 35ට අඩු ලොව ආදර්ශමත් නව නිපැයුම් කරුවන්ගේ ලැයිස්තුවට එක් කරා. ගූගල් සමාගමේ නිර්මාතෘවරුන් වෙන ලැරී පේජ් සමඟ සර්ජි බ්‍රින්, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් යන අය ලැයිස්තුවේ සිටින සෙස්සෝ අතරින් කීප දෙනෙක් වෙනව.

කිරා රැන්ඩින්ස්කි විසින් නිර්මාණය කරන ලද මෙම නව පන්නයේ පරිගණක වැඩසටහනෙන් විශේලේෂණ කිරීම සඳහා නිවැරදි දත්ත තිබිය යුතුයි. දත්ත තව වැඩි වෙන තරමට, ඒ දත්ත නිවැරදි වෙන තරමට, පුරෝකථනය සාර්ථක වෙනව. දැන් ඊශ්‍රායෙලයේ ‘කොවිඩ් 360 ප්ලැට්ෆෝම්’ වැඩසටහනෙන් කරන්නේ,කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ විවිධ තොරතුරු රැස් කිරීමයි. අනාගත වසංගත රැළි මෙන්ම එහි ස්වභාවයත් දැන ගන්නට එවිට පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...