Home Games Biking, Skiing, Snowboarding කරන්න Riders Republic
Games

Biking, Skiing, Snowboarding කරන්න Riders Republic

Share
blank
Share

Riders Republic Video Game එක, හිම කඳු සහ නිම්න ආශ්‍රිත ප්‍රදේශවල කරන ක්‍රීඩා ඉසව් ඇසුරෙන් සකසා තිබෙනව. ක්‍රීඩාවේදී ක්‍රීඩා කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩා කිරීමට පුළුවන්. මවුන්ටන් පාපැදි තරග, හිම මත ලිස්සා යෑමේ තරග දෙකක් වෙන ස්කී සහ ස්නෝබෝඩිං මෙන්ම අහසේ පියඹායමින් ක්‍රීඩා කළ හැකි Wingsuit Flying තරග මෙම ක්‍රීඩාව යටතේ තිබෙනව.

මෙහිදී පරිගණක ක්‍රීඩකයාට තමන් වෙනුවෙන් ක්‍රීඩකයෙක් ගොඩ නංවා ගෙන ක්‍රීඩා කිරීමට පුලුවන්. තවත් 64 දෙනෙක්ට පමණ ඔන්ලයින් ක්‍රමයට මෙම ක්‍රීඩාව හා සම්බන්ධවී එකවර ක්‍රීඩා කළ හැක. මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙන්නේ ඇමෙරිකාවේ ජාතික උද්‍යාන හතක් පසුබිම් කර ගෙන නිර්මාණය කළ පසුතලයක් භාවිතා කරමින්. මීට කඳු, බෑවුම්, නිම්න මෙන්ම හිම සහිත කඳු ප්‍රදේශ ද අයත් වෙනව.

ක්‍රීඩාවට මුලින්ම සම්බන්ධ වෙන විට පරිගණක ක්‍රීඩකයා, තම ක්‍රීඩා චරිතය ගොඩ නංවා ගත යුතුයි. ශරීර ප්‍රමාණය, වයස, සමේ පැහැය පවා අවශ්‍ය ආකාරයට ගොඩනැංවිය හැක. ක්‍රීඩකයාට ග්‍රැෆික් නිර්මාණ කිරීමේ හැකියාවක් අත්නම් තම රුවට සමාන ක්‍රීඩා රුවක් වුව නිර්මාණය කර ගන්නට පුළුවන්.

තමන්ගේ ක්‍රීඩකයා ගොඩනංවා ගැනීමෙන් පසුව, මුලින්ම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන්නේ මවුන්ටන් පාපැදි තරග කාණ්ඩයයි. එම තරග කාණ්ඩය යටතේ විවිධ ක්‍රිඩා ඉසව් තිබෙනව. ක්‍රීඩාව කරන භූමිය අනුව ඒවා වෙනස් වෙනව. කෙසේවෙතත් ආරම්භක අවස්ථාවේ ලැබෙන මූලික මට්ටමේ තරග ඉසව්වකින් වුවත් ත්‍රාසජනක අත්දැකීම් ලබා ගත හැක.

මෙසේ ආරම්භ කළ ක්‍රීඩාවේදී තමන් තරගයේ යෙදෙන වේගය සහ තරගයේදී යොදා ගන්නා විශේෂ උපක්‍රම අනුව ලකුණු ලබා දෙනව. එම ලකුණු අනුව ඉදිරි තරග වල යෙදීමට අවශ්‍ය සුදුසුකම් ලබාගත ගත හැක. මවුන්ටන් පාපැදි තරගවලින් ලබා ගන්නා ලකුණු ගණන අනුව හිම මත ලිස්සා යෑමේ තරග කාණ්ඩ දෙකින් එකක් තෝරා ගෙන ක්‍රීඩා කළ හැක. වේගය පාලනය කර ගැනීම, සමබරතාව රැක ගැනීම සහ ලිස්සායාමෙන් පසුව නැවත පොළොවට පතිත වෙන විට සමබරව සිටීමට යොදා මෙහිදී ලකුණු ලැබෙනව.

මෙම තරගවලදී ද ආරම්භයේදී ක්‍රීඩා කළ හැක්කේ සීමා සහිත පහසුකම් යටතේය. ලකුණු ලබා ගන්නා ආකාරය අනුව විවිධ පහසුකම් ලැබෙනව. තරගයේ ඇති ත්‍රාසජනක බව වැඩි වෙන්නේ ද තරගයේ ඉහළ මට්ටම්වලට යන විටයි.

වින්ග් සූටිං ක්‍රීඩා තරග කාණ්ඩයේදී ගුවනේ පාවී ගමන් කිරීමට යොදා ගන්නා වින්ග්සූටිං ඇඳුම සිය ක්‍රීඩකයා සමඟ භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් මෙන්ම පුහුණුවක් ක්‍රීඩාවෙන්ම ලබා දෙනව.

මෙම රයිඩර්ස් රිපබ්ලික් පරිගණක ක්‍රීඩාවේ ඇති ග්‍රැෆික් නිර්මාණ මෙන්ම සජීවීකරණ ඉතා උසස්ය. පසුතලය සේ යොදා ගෙන ඇති ජාතික උද්‍යානවල ඇති දෑ එලෙසින්ම ප්‍රතිනිර්මාණය කර ඇත. වේගය, ත්‍රාසය, විනෝදය පරිගණක ක්‍රීඩකයාට හොඳින් ලැබෙන ආකාරයට මෙහි ක්‍රීඩා තාක්ෂණික යෙඳුම්ද භාවිතා කර තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...