Home Tech News ආලෝකයටත් වඩා සැහැල්ලු Huawei MateBook X Pro 2024
Tech News

ආලෝකයටත් වඩා සැහැල්ලු Huawei MateBook X Pro 2024

Share
blank
Share

Huawei MateBook X Pro 2024 පිලිබදව Huawei CBG ප්‍රධාන විධායක නිලධාරී Richard Yu මහතා පවසනු ලබන්නේ “lighter than light” යනුවෙනි. එනම් “ආලෝකයටත් වඩා සැහැල්ලුයි” යන්නයි. එයට හේතුව වන්නේ මෙහි බර සහ ඝනකම ඉතා අඩු අගයක් ගැනීමයි. මෙම Laptop එකේ බර සදහන් වෙන්නෙ 980g ක් ලෙසයි.

Laptop එක මේතරම් සැහැල්ලු වුනත් laptop එකේ performance එක පිලිබදවනම් කිසිම අඩුපාඩුවක් කියන්න බැහැ. ඒකට හේතුව තමයි මේකට තියෙන්නේ අලුතින්ම ආපු Intel Ultra 9 (185H) processor එකක්. ගිය වසරේ ඔවුන් හදුන්වාදුන් MateBook X Pro තුල තිබූ Core i7 (1360P) processor එකට වඩා මෙය 60% වේගවත් කියල තමයි Huawei සමාගම පවසන්නේ.

Laptop එකේ display එක ගැන කතා කරොත් මේකට තියෙන්නේ අගල් 14.2 ක OLED panel එකක්. 120Hz Refresh rate එකක් වගේම 3120px x 2080px ක pixel resolution එකක් මේ display එකේ include වෙනවා. ඒ වගේම 10 fingers දක්වා touch input ලබා ගැනීමේ හැකියාවද මේ display එකට තියෙනවා.

Huawei MateBook X Pro 2024 මේ device එකට තියෙන්නේ 70Wh Li-Po battery එකක්. මේකේ charging port එක විදිහට තියෙන්නේ USB type C port එකක්. ඒවගේම 140W වලින් fast charge කරගනීමේ හැකියාවද තියෙනවා. විනාඩි 10ක charge කිරීමක් මගින් පැය 3ක් පාවිච්චි කරන්න පුලුවන් කියලා තමයි Huaweiලා කියන්නේ.

ඒවගේම Wi-Fi 6 (ax) සහ Bluetooth 5.3 වගේම Full HD web cam එකක්, microphones 4ක් සහා speakers 6ක් මේ Laptop එකේ include වෙනවා. මෙන්න මේ Huawei MateBook X Pro 2024 Inkstone Black, White සහ Clear Blue Snow විදිහට colors 3කින් මිලදී ගන්න පුලුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...