Home Tech News ඇමරිකාවේ තහනම් වුනු Kaspersky
Tech News

ඇමරිකාවේ තහනම් වුනු Kaspersky

Share
kaspersky-ban
kaspersky-ban
Share

කැස්පර්ස්කි ඇන්ටිවයිරස් වැඩසටහන ඇමෙරිකාව තුළ භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පසුගිය ජූනි මස 24 වැනිදා ඇමෙරිකාවේ කර්මාන්ත සහ ආරක්ෂක බියුරෝව විසින් නිවේදනය කරන තිබෙනවා. ඒ අනුව කැස්පර්ස්කි සමාගමට දැන් ඇමෙරිකානු පරිගණකවල තිබෙන මෘදුකාංග වෙනුවෙන් සේවා ලබාදිය හැක්කේ එළැඹෙන සැප්තැම්බර් 29 වැනිදා වෙන තෙක් පමණයි.

කැස්පර්ස්කි ලැබ් සමාගමෙන් නිපදවා ඇති පරිගණක වැඩසටහන් යොදා ගෙන රුසියානු ඔත්තුකරුවන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරු උකහා ගන්නේය යන්න, මෙම තහනමට පදනම්වූ කාරණයයි. කැස්පර්ස්කි ඇන්ටිවයිරස් වැඩසටහන, ඇමෙරිකානු රජයේ ලියකියවිලි මෙන්ම රාජ්‍ය රහස් සොයනු පිණිස ඇමෙරිකාවේ මතු නොව ලොව පුරා පරිගණක පීරා බලන්නේය යන්න කලක පටන්ම කරන චෝදනාවක්. එසේම කැස්පර්ස්කි ඇන්ටිවයිරස් වැඩසටහන වැඩි දියුණු කොට රුසියාවට ඔත්තු බලන අමුතු වැඩසටහනක් සකසා ඇතැයි යන්නද ඇමෙරිකානු මෙන්ම යුරෝපා කවුන්සලයේද රහස් ඔත්තු සේවාවල අදහසයි. එහෙත් කැස්පර්ස්කි සමාගම එක්කෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි, නැතහොත් නිදහසට කරුණු කියයි.

කැස්පර්ස්කි සමාගම ගැන මෙවැනි සැකයක් මතු වුණේ, 2017 වසරේදී ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත කළ එළිදරව්වකින් පසුවයි. වසර 2015දී ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සියට කොන්තරාත් ක්‍රමයට වැඩ කළ තැනැත්තෙක්, අවසර නැතිව වුවත්, ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු සිය පෞද්ගලික පරිගණකයේ රඳවා තබා ගෙන වැඩ කරමින් සිට තිබෙනවා. එවිට එම පරිගණකයේ ක්‍රියාත්මක කැස්පර්ස්කි වැඩසටහන ඔස්සේ ආ හැකර්කරුවෙක් එම තොරතුරු ලබා ගත්තා. ඒවා, ඇමෙරිකානු ආරක්ෂක අංශ අන් රටවලින් එන සයිබර් ප්‍රහාර කලින් වළක්වා ගන්නට ඔත්තු බලන ආකාරය හා සම්බන්ධ තොරතුරුය.

මෙම සිදුවීම දැන ගැනීමෙන් පසුව ඇමෙරිකානු ආරක්ෂක අංශ කැස්පර්ස්කි වැඩසටහන් ගැන සියුම් ලෙස සෝදිසි කිරීම අරබා තිබෙනව. තවත් රටවල් සමඟද එක්ව කළ මෙම සොයාබැලීම්වලදී එවැනි සිදුවීම් ගණනාවක්ම අනාවරණය කර ගත්තා. ඒවා සාක්ෂි ලෙස සලකා, 2017 සැප්තැම්බර් 17 වැනිදා සිට ඇමෙරිකාවේ රජයේ ආයතනවල කැස්පර්ස්කි නිපැයුම් භාවිතා කිරීම තහනම් කලා. එතැන් සිට ගෙවුණු වසර පහක පමණ කාලයක් මුළුල්ලේම කැස්පර්ස්කි නිපැයුම් වෙත ක්‍රම ක්‍රමයෙන් විවිධ තහංචි පනවන්නට, ඇමෙරිකානු රජය වැඩ කළා. ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කළේ එහි කූටප්‍රාප්තිය වශයෙන්.

කැස්පර්ස්කි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට ඇමෙරිකාව වුවත්, එම මෘදුකාංග ඔස්සේ රුසියාව ඔත්තු බලන්නේය යන පදනම මත, ලොව තවත් රටවල් ගණනාවක්ම
විවිධ තහංචි පණවා තිබෙනවා. බ්‍රිතාන්‍යය, ඕලන්දය, ජර්මනිය, ලිතුවේනියාව, ඉතාලිය යන රටවල් මේ අතර තිබෙනවා. රුසියාවේ මොස්කව් නුවර මූලස්ථානය පිහිටුවා ගෙන වැඩ කරන කැස්පර්ස්කි සමාගම රටවල් 31 සිය ශාඛා කාර්යාල පවත්වා ගෙන යනවා. එසේම රටවල් 200 ක පමණ මිලියන 400ක් දෙනා කැස්පර්ස්කි ඇන්ටි වයිරස් ඇතුළු පරිගණක ආරක්ෂණ වැඩ සටහන් භාවිතා කරනවා.

රුසියානුවෙකු වෙන යෙව්ගිනි වැලන්ටිනොවිච් කැස්පිර්ස්කි, එකල තිබූ රුසියානු ඔත්තු සේවයට හෙවත් කේජීබී (KGB) ආයතනයට අයත් තාක්ෂණ විද්‍යාලයේදී පරිගණක විද්‍යාව උගෙන, රුසියානු ඔත්තු සේවයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස සේවය කළා. 1987 දී සෝවියට් දේශය බිඳ වැටෙන විට ඔහු ඇන්ටිවයිරස් මෘදුකාංගයක් නිර්මාණය කරමින් සිටියා. කැස්පර්ස්කි ඇන්ටිවයිරස් ලෙස විකිණීම ඇරඹූයේ එයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...