Home Tech News සූර්යයාට තවත් ලං වෙන Parker Solar Probe එක
Tech News

සූර්යයාට තවත් ලං වෙන Parker Solar Probe එක

Share
parker-solar-probe
Share

NASA ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනෙ ඔවුන්ගේ Parker Solar Probe යානය මේ වනවිට සූර්යයාට ඉතාමත් ආසන්නව සිටින බවයි. එදා මෙදාතුර මිනිසුන් යැවූ යානයක් සූර්යයාගේ ආසන්නයටම ලගාවූ පලමු අවස්තාව මෙය වෙනවා.

මෙම Parker Solar Probe එක දැනට තියෙන්නෙ සූර්යයාගෙ මතුපිට පෘෂ්ඨයේ ඉදන් හැතැප්ම මිලියන 3.8ක් ඈතින්. මෙය සැලකිය යුතු දුරක් උනත් නාසා ආයතනය පවසන්නෙ සූර්යයාගෙ සිට පෘථිවියට ඇති දුර පාපන්දු පිටියක් තරම් විශාල ලෙස සිතන්නේ නම් දැනට Parker Solar Probe එක ලගාවී ඇති දුර පිටියෙ කෙලවරේ ඇති යාර 4ක සීමාවක ඇති දුර වගේ කියලයි. 

Parker Solar Probe මුලින්ම අභ්‍යවකාශගත කලේ 2018 වසරේදීයි. මේ සඳහා ඇ.ඩො බිලියන 1.5 වැයවී තිබෙනවා. මේ යානයෙන් ලබාදෙන දත්ත වැදගත් පරීක්ෂණ සඳහා භාවිතා වෙනවා.

මින් පස්සෙ සෑම මාස තුනකට වරක්ම මේ යානව සූර්යයාට ලං වෙමින් ගමන් කරනවා. මින් පස්සෙ නැවත 2025 මාර්තු 22 සහ ජූනි 19 යන දිනවල නැවත මේ යානව සූර්යයාට තවත් ලංවෙන බව නාසා ආයතනය පවසා තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...