Home Games වානර රජුගේ වීර චාරිකාව Black Myth: Wukong
Games

වානර රජුගේ වීර චාරිකාව Black Myth: Wukong

Share
black-myth-wukong-game
black-myth-wukong-game
Share

පසුගිය අවුරුද්දේ චීන Developer කෙනෙක් වන Game Science විසින් Black Myth: Wukong ගේම් එක පළමු වරට මාධ්‍යට ඉදිරිපත් කළා.මෙම ගේම් එක පදනම් වෙලා තියෙන්නේ 16 වන සියවසේ චීන නව කතාවක් වන ජර්නි ටු ද වෙස්ට් (Journey to the west) පාදක කරගෙනයි.මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ සන් වුකොන්ග් නමැති වානර රජුයි. මෙම ජර්නි ටු ද වෙස්ට් කෘතිය ලියවිලා තියෙන්නේ චීන මිත්‍යා කතා සහ ජනප්‍රවාද මුලික කරගෙනයි. ඉතින් මෙහි Trailer එක නිකුත් කරපු වෙලාවේ ඉදලා මෙය වටා ලොව වටා රසික පිරිසක් ගොඩ නැගුනා.පැය 24ක් ඇතුලත youtube වල මිලියන වාර 2ක් ද චීන video sharing platform එකක් වන බිලිබිලි හි නැරබුම් වාර 10ක් ද පසුකළා.

Black Myth: Wukong – Official Release Date Trailer | Game Awards 2023

ඉතින් මෙහි කතාවත් බොහොම සිත් ගන්නා සුළු වගේම, දැනට නිකුත් කරලා තියෙන gameplay වලින් කියන්න පුළුවන් මෙහි gameplay style එක බොහොදුරට souls ගේම් වල වගේම, god of war ගේම්ස් වල වගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම මෙහි ඇති ඇනිමේෂන් වගේම ඉහල ගනයේ graphics නිසා මෙය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු සහගතව රැස්වෙලා ඉන්නවා. මෙහි gameplay වල තවත් විශේෂ අංගයක් වන්නේ චීන ජනප්‍රවාද වල එන අයුරින්ම මේ වානර රජුට එක් එක් වෙනස් සතුන්ගේ වෙස් ලබා ගැනීමට ඇති හැකියාවයි. එය ගේම් එක play කරන්නාට නවමු අත්දැකීමක් ගෙනදේවි. ඒ වගේම මෙහි චීන සාහිත්‍ය, ජන කතා වගේම චීන බෞද්ධ කතාවල අභාෂයෙන් නිම වීමත් සිත් ගන්නා සුළුයි. උද්වේගකර boss fights වගේම ලොකු enemy විවිධත්වයක් මේ ගේම් එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Final Trailer with Some Gameplay Shots

ඉතින් ලොවපුරා ගෙමර්ස්ලා කාලයක් තිස්සේ බලාගෙන හිටපු මේ ගේම් එක තවත් සති 2කටත් අඩු කාලයකින්,ඒ කියන්නේ අගෝස්තු 20 Pc වගේම Playstation, Xbox වලටත් නිකුත් වෙන්න නියමිතයි. ගේම් එක play කරන්න අවශ්‍ය අවම සුදුසුකම් ඔයාගේ Pc එකෙත් තියෙනවද කියලා පහලින් බලාගන්න.

Black Myth: Wukong System requirements chart
Black Myth: Wukong – System Requirements

Share

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...