Press ESC to close

Far Cry New Dawn Review

Overview

Far Cry 5 හි Hope County මත න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ සිදුවීමෙන් වසර 17කට පසු පරිසරය ජීවයට සුදුසු තත්ත්වයකට නැවත පැමිණීමෙන් අනතුරුව සිදුවන සිදුවීම් මෙම ක්‍රීඩාවේ ඇතුළත්ය.2035 වසරේ එනම් න්‍යෂ්ටික යුද්ධයෙන් ලෝකය වැනසී වසර 17කට පසු පොළොව යට බංකර්වල ආරක්ෂා සහිතව ජීවත්වූ දිවිගලවාගත් මිනිසුන් නැවත පොළොව මතුපිටට පැමිණීමට පටන්ගෙන ඇත. Hope County හි survive වූ මිනිසුන් Far Cry 5 හි ප්‍රධාන චරිතයක් වූ Nick Rye ගේ නායකත්වයෙන් යුත් Prosperity නම් ගොඩනගාගත් settlement එකක ඔවුන්ගේ society එක rebuild කිරීම ආරම්භ කර ඇත.

Get Your Site Up with A2 Hosting

නොසිතූ ආකාරයට Highwaymen නම් මංකොල්ලකාරී කල්ලියකගේ පාලනයට නතුවන prosperity හි වැසියන් උදව් ඉල්ලා සිටින්නේ Thomas Rush ගෙනි. Thomas Rush යනු ඇමරිකාව පුරා න්‍යෂ්ටික යුද්ධයෙන් පසු communities නැවත ගොඩනගන ජනතාව සඳහා උදව් ලබාදෙන කණ්ඩායමක නායකයායි. Thomas Rush ගේ security captain ලෙස, Joseph Seed ඇතුළු New Eden සංවිධානයේද උදව් ඇතිව prosperity හි වැසියන් highwaymen කල්ලියෙන් ආරක්ෂා කිරීම Far Cry New Dawn හි අපගේ චරිතයේ වගකීමයි.

Plot

Prosperity හි ඔවුන් පසුවන තත්ත්වය පිළිබඳ Thomas Rush ට දැනුම්දෙන්නේ Far Cry 5 හි ප්‍රධාන චරිතයක් වූ Nick Rye ගේ දුව වන Carmina Rye විසිනි. Thomas Rush, අපගේ චරිත ඇතුළු team එක Hope County වෙත ළඟාවනවිට ඔවුන්ගේ දුම්රියට highwaymen ලා විසින් ප්‍රහාරයක් එල්ලකරයි.දුම්රිය පීලි පැනීමකට ලක්වන අතර team එකේ දිවිගලවාගැනීමට සමත්වන්නේ කිහිපදෙනෙකු පමණි.පීලි පැන විනාශ වූ දුම්රිය තිබූ ප්‍රදේශයෙන් පලාගියත් අපගේ චරිතය, Thomas Rush සහ Barnes නම් team member, highwaymen ලාගේ ප්‍රධානීන් වන Mickey සහ Lou යන නිවුන් සහෝදරියන් ඇතුළු highwaymen කල්ලියට හසුවේ.එහිදී Lou විසින් ඇගේ helmet එකෙන් පහරදී Barnes ව ඝාතනය කරන අතර ඉන්පසු කලබල වූ Rush අපව පහල තිබූ ජලාශයට තල්ලු කරන්නේ “save yourself!” ලෙස පවසමිනි.

ඉන්පසු අපව ජලාශයෙන් ගොඩගන්නේ Carmina Rye විසිනි.ඇය අපව Rush ගේ security captain ලෙස හඳුනාගන්නා අතර අපව prosperity වෙත කැඳවාගෙන යයි. Rush මේ වනවිට highwaymen ලාගේ සිරභාරයේ බවද ඇය තවදුරටත් පවසයි. Prosperity හිදී අපට සහ Carmina ට Kim Rye, එනම් Carmina ගේ මව උපදෙස් දෙන්නේ Hope County පුරා සිටින විවිධ හැකියාවන් සහිත අනෙකුත් survivors ලා එකතුකරගෙන highwaymen ලාගෙන් ආරක්ෂාවීමට තරම් defense එකක් ගොඩනගාගතයුතු බවයි. ඒ අනුව අවශ්‍ය resources සොයායමින්, survivors ලා එකතුකරමින් අප විසින් highwaymen ලාගේ සිරභාරයේ සිටි Rush වද නිදහස් කරගැනීමට සමත්වේ.

මෙයින් කෝපයට පත් highwaymen කල්ලිය prosperity වෙත ප්‍රහාරයක් දියත්කරන අතර මෙයට මුහුණදීමට සමත්වුවත් එමගින් prosperity වෙත සිදුවූ විනාශය අතිමහත් විය.එසේම එහි වැසියන් බොහෝදෙනා දරුණු ලෙස තුවාල ලැබූ අතර ඇතැම් අය මියගියහ.තවත් highwaymen attack එකකට මුහුණදීමට තරම් defense එකක් prosperity සතුව නොතිබූ බව තේරුම්ගත් Rush යෝජනාකරන්නේ Hope County හි වෙසෙන තවත් survivor group එකක් වන Joseph Seed ඇතුළු New Eden සංවිධානයෙන් උදව් ලබාගැනීමය. Kim Rye මෙම යෝජනාවට මුලින් අකමැති වන්නේ වසර 17කට පෙර Joseph Seed විසින් Hope County හි වැසියන් පීඩාවට පත්කළ ආකාරය ගැන කියමිනි. නමුත් Carmina විසින් Joseph Seed යනු දැන් වෙනස් වූ පුද්ගලයෙකු බව පවසමින් Kim Rye ට තත්ත්වය තේරුම් කරදෙන අතර අවසානයේ ඇය මෙම යෝජනාවට එකඟ වේ. එම එකඟතාවයෙන් පසුව,මේ වනවිට තම සංවිධානයේ survivors ලා සමග Hope County හි උතුරු ප්‍රදේශයේ New Eden නමින් නැවත සංවිධානයක් පිහිටුවාගෙන හුදකලා වී ජීවත්වෙන Joseph Seed සමග මේ ගැන සාකච්ඡා කර තීරණයකට එලඹීම සඳහා අපගේ චරිතය පිටත්වෙයි……….

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Highwaymen කල්ලියේ අවසානයක් දැකීමට prosperity හි වැසියන්ට හැකිවේවිද? Joseph Seed අප සමග එකතුවේවිද? Mickey සහ Lou ව defeat කිරීමට අපට හැකිවේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩක ඔබට භාරයි.

Gameplay

  • Far Cry 5 ලෙසටම Far Cry New Dawn හීද සුපුරුදු menus වන perk menu, map, journal, roster වැනි menus දක්නට ලැබේ. මීට අමතරව homebase නම් නව section එකක් දක්නට ලැබෙන අතර එමගින් අපට prosperity settlement එක විවිධ වැදගත් buildings construct කිරීම මගින් customize කළහැක.
  1. Workbench: – weapons crafting සඳහා
  2. Garage: – vehicles crafting සඳහා
  3. Explosive lab: – Remote explosives, molotovs, dynamite හා විවිධ ammo types ලබාගැනීම සඳහා
  4. Infirmary: – player ගේ max health එක වැඩිකිරීම සඳහා
  5. Training camp: – Guns for hire වැඩිදියුණු කිරීම සඳහා
  6. Expeditions: – Fast travel points unlock කිරීමට සහ expedition missions සඳහා
  7. Healing garden: – Med kits සඳහා
  8. Cartography: – Crafting components, treasure hunts, monstrous animals ආදිය සොයාගැනීම පහසුවීමට maps ලබාගැනීම සඳහා,

වැනි buildings මෙසේ Ethanol නිශ්චිත ප්‍රමාණයක් මගින් construct කර එමගින් ඉහත සඳහන් වාසි ලබාගත හැකිය.

  • Weapons හා vehicles මෙම ක්‍රීඩාවේදී rank system එකක් සහිතව නව මුහුණුවරකින් දක්නට ලැබේ. මේවා rank 1,2,3 සහ Elite ලෙස ranks 4කින් යුක්තය. Weak enemies ලාට සුදුසු වන ලෙස rank 1 weapons ද tougher enemies ලාට සුදුසු වන ලෙස elite weapons ද භාවිතකළ හැක. Far Cry New Dawn හිදී අපට භාවිතකිරීමට ලැබෙන special ම weapon එක වන්නේ Saw launcher එකයි. Elite rank saw launcher එකක් මගින් elite enemy කෙනෙක් වුවද direct hit එකකින් දණගැස්විය හැක. Vehicles ද මෙලෙස ranks 4කට බෙදා ඇති අතර rank එක වැඩි vehicles භාවිතකිරීම ක්‍රීඩකයාට පහසුය. අවශ්‍ය components සපයාගැනීම මගින් ඔබට weapons, workbench හිදීද vehicles, garage එකේදීද craft කර භාවිතකළ හැක.
  • Hope County පුරා පිහිටුවා තිබෙන highwaymen ලාගේ outposts වලට පහරදී ඒවා liberate කිරීමෙන් rewards ලෙස අපට ethanol ලබාගත හැකිය. එසේම අප විසින් අල්ලාගන්නා ලද මෙම outposts නැවත අතහැර දමා නැවත highwaymen ලාට අල්ලාගැනීමට සලස්වා නැවත අප එම outpost එකම අල්ලාගැනීමෙන් වඩාත් වැඩියෙන් ethanol ලබාගත හැකිය.මෙසේ 3 වතාවක් දක්වා කළහැකි අතර එක් එක් වතාවේදී defense එකට පැමිණෙන highwaymen ලා කලින් වතාවේ අයට වඩා powerful වේ.
  • Expeditions නම් නව missions වර්ගයක් Far Cry New Dawn හි දක්නට ලැබෙන අතර එමගින් අපට Hope County එකෙන් බැහැර ප්‍රදේශයකට යා හැක. මෙහිදී කිසියම් ප්‍රදේශයක ඇති package එකක් සොරකම් කර නැවත අපගේ හෙලිකොප්ටරය වෙත රැගෙන ආ යුතු අතර මෙමගින්ද සැලකිය යුතු rewards ප්‍රමාණයක් ඔබට ලැබේ.මෙම expeditions ද enemy outposts ලෙසම difficulty ranks 3කින් සමන්විතය.
  • Guns for hire ද Far Cry 5 වල ලෙසම Far Cry New Dawn හිදීද දක්නට ලැබේ. Sniper, archer, heavy gunners මෙන්ම “Timber” නමැති සුනඛයා හා “Horatio” නම් වල්ඌරාද මෙසේ guns for hire ලෙස අපගේ සහයට යොදාගත හැක. මොවුන්ගේ total kills ගණන අනුව විවිධ upgrades මොවුන්ට හිමිවන අතර ඔබට මොවුන්ගේ rank එක training camp එකේදී වැඩිකරගත හැක.එසේම අපට විවිධ හැකියාවන්ගෙන් යුත් Bean,Selene,Grace,Nick Rye හා Sharky වැනි specialists ලාද prosperity වෙත join කරගත හැක.

System Requirements

ඔබගේ පරිගණකයේ Far Cry New Dawn play කිරීමට අවශ්‍ය minimum සහ recommended requirements පහත සඳහන්ය.

SystemMinimumRecommended
CPUIntel Core i5-2400 | AMD FX-6350 @ 3.9 GHzIntel Core i7-4790 @ 3.4 GHz | AMD Ryzen 5 1600 @ 3.2 GHz or equivalent
GPU NVIDIA GeForce GTX 670 | AMD R9 270 (2GB VRAM) NVIDIA GeForce GTX 970 or AMD R9 290X (4GB VRAM)
VRAM2GB4GB
RAM8GB8GB
Storage30GB30GB
OSWindows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)

2018 දී නිකුත් වූ Far Cry 5 ක්‍රීඩාවේ sequel එක වන Far Cry New Dawn 2019දී නිකුත් වූ open world 1st person shooter ගණයට අයත්වන කෙටි පරිගණක ක්‍රීඩාවකි.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *