Home Tech News Phones iPhone එකෙන් දොර අරින්න update එකක්
PhonesTech News

iPhone එකෙන් දොර අරින්න update එකක්

Share
blank
Share

Apple iOS 14 Update එක තුල අඩංගු වෙන Code එක විෂ්ලේෂණය කිරීම මගින් මේ වසරේ Apple සදහා ලැබෙන්න තියෙන ලොකුම Update එක විදිහට Digital Car Key පහසුකම ගැන තොරතුරු වාර්ථා වෙනව.

CCC – Car Connectivity Consortium කියන්නෙ Apple, Audi, BMW, General Motors, Hyundai, LG, Panasonic, Samsung Volkswagen වගේ විශාල සමාගම් සමූහයක් එකතු වෙලා හැදිල තියන එකමුතුවක්.

2018දි මේ CCC එක හරහා Digital Key release 1.0 Specification එක සදහා අවශ්‍ය සම්මතයන් සැකසීමක් සිදුකරා. ඒ වගේම දැන් වාර්ථා වන විදිහට මේ වසරේ (2020)දි අපට මේක iPhone වෙත ලබාදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි.

NFC තාක්ෂණය භාවිතයෙන් ඉතාමත් ආරක්ෂිත Digital Key සංකල්පයක් හරහා තමන්ගෙ smart phone එක හරහා Lock / Unlock, Start Engine වගේම අවශ්‍ය නම් වාහනයේ යතුර බෙදාගැන්ම Share Access සිදුකරන්නත් පුළුවන් වෙනව.

නවතම වාහන වලදි එන Digital Smart Key එක තමන්ගෙ Smart Phone එකට ලබාගෙන එය භාවිතා කිරීමට අවශ්‍ය රාමුව සකස් වී තිබෙනව.

මේ Feature එක පාවිච්චි කරන්න නම් Phone එකේ තිබිය යුතු UWB – Ultra Wide Band පහසුකම මේ වෙනකොටත් iPhone 11 එකේ අඩංගු වෙනව. මේ නිසා මේ වසරේ ලොකුම iPhone Feature එක Update එකක් හරහා බොහෝ දෙනෙකුට ලබාගන්න පුළුවන් වේවි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...