Press ESC to close

iPhone එකෙන් දොර අරින්න update එකක්

Apple iOS 14 Update එක තුල අඩංගු වෙන Code එක විෂ්ලේෂණය කිරීම මගින් මේ වසරේ Apple සදහා ලැබෙන්න තියෙන ලොකුම Update එක විදිහට Digital Car Key පහසුකම ගැන තොරතුරු වාර්ථා වෙනව.

Get Your Site Up with A2 Hosting

CCC – Car Connectivity Consortium කියන්නෙ Apple, Audi, BMW, General Motors, Hyundai, LG, Panasonic, Samsung Volkswagen වගේ විශාල සමාගම් සමූහයක් එකතු වෙලා හැදිල තියන එකමුතුවක්.

2018දි මේ CCC එක හරහා Digital Key release 1.0 Specification එක සදහා අවශ්‍ය සම්මතයන් සැකසීමක් සිදුකරා. ඒ වගේම දැන් වාර්ථා වන විදිහට මේ වසරේ (2020)දි අපට මේක iPhone වෙත ලබාදීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවි.

NFC තාක්ෂණය භාවිතයෙන් ඉතාමත් ආරක්ෂිත Digital Key සංකල්පයක් හරහා තමන්ගෙ smart phone එක හරහා Lock / Unlock, Start Engine වගේම අවශ්‍ය නම් වාහනයේ යතුර බෙදාගැන්ම Share Access සිදුකරන්නත් පුළුවන් වෙනව.

නවතම වාහන වලදි එන Digital Smart Key එක තමන්ගෙ Smart Phone එකට ලබාගෙන එය භාවිතා කිරීමට අවශ්‍ය රාමුව සකස් වී තිබෙනව.

මේ Feature එක පාවිච්චි කරන්න නම් Phone එකේ තිබිය යුතු UWB – Ultra Wide Band පහසුකම මේ වෙනකොටත් iPhone 11 එකේ අඩංගු වෙනව. මේ නිසා මේ වසරේ ලොකුම iPhone Feature එක Update එකක් හරහා බොහෝ දෙනෙකුට ලබාගන්න පුළුවන් වේවි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *