Contact Information

WhatsApp Us

Google සහ LG Snapdragon 865 එපා කියයි

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Google සහ LG සමාගම තමන්ගෙ අළුත්ම Flagship Phone වලට මේ වෙනකොට Smartphone SOC වලින් ඉහලින්ම තියෙන SD 865 යොදාගන්නෙ නැහැ කියල ආරංචි වෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Google Pixel 5 සහ 5XL එකටයොදාගන්නෙ Snapdraon 765G SOC එක කියල ජනවාරි මාසෙ XDA Developersල වාර්ථා කලේ අදාල Android Code එක තුලින් සනාථ කරගත් කරුණු අනුවයි. කොරියානු වෙබ් අඩවියක් වාර්ථා කරන්නෙ LG සමාගමත් තමන්ගෙ LG G9 ThinQ Flagship Device එකට Snapdraon 765G SOC එක යොදාගන්න බවට කරුණු සනාථ වෙලා කියල.

මේ සදහා ප්‍රධාන හේතු වෙන්නෙ

  • Snapdragon 865 SOC එකේ Onboard MODEM එකක් අන්තර්ගත වෙන්නෙ නැහැ. මේ නිසා Smart Phone එකක ප්‍රධාන අවශ්‍යතාවය වන Cellular Connectivity එකට Phone නිෂ්පාදන සමාගම් වලට වෙනම මුදලක් වැය කරල Qualcomm X55 Modem (4G / 5G) එක ගන්න වෙනව.
  • MODEM එක කලින් වගේ SOC එක තුලම නැති නිසා වෙනම තියෙන MODEM එක සදහා Motherboard වල ඉඩක් වෙන් කරන්න වෙනව. මේ නිසා Motherboard එකේ ඉඩ කඩ වැඩි වීම නිසා Phone එක තුල Display, Battery වගේ දේවල් වලට තියෙන ඉඩ පහසුකම් අඩු කරන්න වෙනව. (Phone Design එකක් තුලදි මිලි මීටර් එකක් කියන්නෙත් සෑහෙන ලොකු අගයක්)
  • මේ විදිහට වෙනම MODEM එකක් එකතු වෙද්දි ඒ සදහා Power එක ඉතා සුළු අගයකින් හරි වැඩිවීම නිසා battery වල ධාරිතාවය වැඩි කරන්න වෙනව. මේ නිසා Size එක විශාල වෙනව.
  • මේ එක්කම 5G පහසුකම ලබාදෙන්න නම් ඒකට තවත් RF Modules එකතු කරන්න වෙනව. මේ නිසා Phone Design එක වඩාත් Complicate වෙනව වගේම මේ හරහා R & D cost එක වැඩි වෙනව. මේ හැම එකක්ම Phone එකේ මිල ඉහල යන්න හේතු වෙනව.

මේ හේතු නිසා Google සහ LG සමාගම් තමන්ගෙ 2020 Flagship සදහා Snapdragon 765G SOC එකට තෝරගෙන තියෙන බව පැහැදිලියි. SD 765G කියන්නෙ SOC එක තුලම 5G MODEM එකක් තියෙන SOC එකක් නිසා ඉහත සදහන් කරපු ගැටළු මතුවෙන්නෙ නැහැ.

SOCSD 765GSD 865
Process7nm EUV (Samsung)7nm+ (TSMC)
CPU1x Cortex-A76 (Kryo 475) @2.4GHz
1x Cortex-A76 (Kryo 475) @2.2GHz
6x Cortex-A55 (Kryo 475) @1.8GHz
1x Cortex-A77 (Kryo 585) @2.84 GHz
3x Cortex-A77 (Kryo 585) @2.4 GHz
4x Cortex-A55 (Kryo 385) @1.8 GHz
GPUAdreno 620Adreno 650
MODEMInternal - X52 5G ModemExternal - X55 5G Modem
ImagingSpectra 355Spectra 480
CameraUpto 200MPUpto 192MP

SD 765 කියන්නෙ SD 865 වලට වඩා අඩු performance SOC එකක්. නමුත් Google සමාගමට Software Optimization හරහා මේ ගැටළුවට යම් විසදුමක් දෙන්න පුළුවන් වේවි.

මේ ගැන අදහස් Comment කරන්න.

තොරතුරු ලබා දීම – Samsung Galaxy Club

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *