Home Tech News අන්තර්ජාල කේබල් කැඩීයාමෙන් Microsoft සහ අනෙකුත් සේවා අඩාල වෙයි
Tech News

අන්තර්ජාල කේබල් කැඩීයාමෙන් Microsoft සහ අනෙකුත් සේවා අඩාල වෙයි

Share
blank
Share

රතු මුහුද හරහා ගිය SEA-ME-WE 4 සහ IMEWE කේබල් පද්ධති දෙකක් පසු ගිය දිනක කැපී ගියහ. මෙම සිදුවීම නිසා Microsoft සමාගමේ Azure ව්‍යාප්ත ජාලයට සම්බන්ධ දකුණු ආසියාව සහ ගල්ෆ් ප්‍රදේශවල ව්‍යාප්තව සිටින cloud සේවා භාවිතා කරන පාරිභෝගිකයන්ට සේවාවේ අඩාල වීමක් සහ වැඩි latency එකක් දැනෙන්නට ලැබේ.

මෙම කැපී ගිය කේබල් දෙකම ආසියාව සහ යුරෝපය සම්බන්ධ කරන දිගු දුර ජාල මාර්ගයන් වන අතර, Google සහ Meta වැනි සමාගම්ද මෙම නිසා බලපෑම් අත් විදිමින් සිටී. එක් මාර්ගයක් අහිමි වුවද,අනෙක් විකල්ප මාර්ගයන් අධික භාවිතයට ලක්වීම නිසා latency වැඩි වීම, packet loss වැනි ගැටලු ඇතිවිය හැකිය. multiplayer gaming වලදී සහ විශාල ගොනු බාගැනීමේ දී cloud මත පදනම් වූ යෙදුම්වල ක්‍රියාකාරිත්වයට බරපතල බලපෑම් අත්විය හැකිය.

Microsoft සමාගම වෙනත් අන්තර්ජාල මාර්ග භාවිතා කරමින් ජාලය පවත්වාගෙන යයි. නමුත් රතු මුහුදේ භූ-රාජ්‍යමය ගැටළු සහ යටිතල කේබල් අලුත්වැඩියාවට ඇති නෞකා හිඟය නිසා, මෙම අලුත්වැඩියා කටයුතු වලට සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවිය හැකිය. 2024 පෙබරවාරි මාසයේද මෙම ප්‍රදේශයේ කේබල් කිහිපයකට හානි වී තිබුණි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...