ඇපල් සමාගම පසුගියදා පැවැත්වූ Awe Dropping Event එකේ දී අලුත්ම iPhone 17 දුරකථනය එලි දැක්වුවා. මෙම නව iPhone 17 දුරකථනය A19 චිප් සෙට් එකකින් බලගන්වනු ලබන අතර, 6-core CPU එකකින් සහ 5-core GPU එකකිිින් සමන්විත වේ. Ceramic Shield 2 තාක්ෂණය සහ 3000 nits පමණ peak brightness එකක් සහිත Super Retina XDR 120 Hz display එකක් මෙහි අන්තර්ගත වේ.48MP wide-angle sensor එකක් සහ 48MP ultra-wide-angle sensor එකක් සහිත Camera පද්ධතියක් මෙහි දක්නට ලැබේ.
මෙඑහිදී , Apple සමාගම “iPhone Air” නම් වූ සිහින් දුරකථනයක් ද හඳුන්වා දුන්නා. iPhone Air එක 5.6mm පමණ ඝනකමකින් නිර්මාණය වී ඇති අතර, Apple ඉතිහාසයේම තුනීම iPhone එකක් ලෙස ද මෙය සැලකේ. A19 Pro chip එකක් , C1X 5G modem එක සහ N1 wireless chip එකත් සමඟින්, මෙම දුරකථනය දක්නට ලැබේ.
මෙම දුරකථන iOS 26 මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාකරයි. මෙම නව මාදිලිවලින් පරිශීලකයන්ට වඩා හොද, කාර්යක්ෂම අත්දැකීමක් ලබාදීමට Apple සමාගම උත්සාහ කරයි. ඔබත් IPhone 17 දුරකථනයක් පාවිච්චි කරල බලන්න කැමතිද?














Leave a comment