Home Tech News තනියම Laptop Service කරන්න ‌පෙර
Tech News

තනියම Laptop Service කරන්න ‌පෙර

Share
blank
Share

තනියම ලැප්ටොප් එකක් Service කරන්නේ කොහොමද? ඊට පෙර ඔබට එය සිදු කිරීමට ඇති හැකියාව , විශ්වාසය පිලිබදව ප්‍රථමයෙන් අවධානය යොමු කල යුතුය. ඔබට එය කිරීමට අවිශ්වාසයක් ඇත්නම් හෝ අවශ්‍ය මෙවලම් නොමැතිනම්, වෘත්තීයමය Laptop service කරන තැනකට ගෙන යාම වඩාත් ආරක්ෂිත වේ. ඔබ Laptop එක service කිරීමට තීරණය කරන්නේ නම්, ප්‍රථමයෙන් ඔබගේ Laptop model එකේ Laptop Service කරන වීඩියෝ නරඹා වෙන්න තියෙන දෝෂ වළක්වා ගැනීමට කටයුතු කරන්න.

ලැප්ටොප් එක ගැලවීමේ දී , සුදුසු ඉස්කුරුප්පු නියන් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ. නුසුදුසු මෙවලම් භාවිතා කිරීම නිසා ඇණවලට හා ලැප් එකට හානි වීමේ අවදානමක් පවතී. එය ගලවා විවෘත කිරීමෙන් පසු, පළමුව මතුපිට දූවිලි පිරිසිදු කර ගන්න. පසුව, ෆෑන් සහ තටු වල ඇති දූවිලි ෆෑන් තටු වල හැඩය වෙනස් නොවන පරිදි ප්‍රවේශම් ලෙස ඉවත් කර ගන්න. මේ සදහා ඔබට කුඩා Vacuum cleaner එකක් තියෙනවා නම් වඩා සුදුසු වේ.

ඔබ ලැප් එකේ Heat pipe ගැලවීමේ දී ඒවායේ thermal pad තියෙන්න පුලුවන් . ලැප් එක නැවත සවිකරන විට අලුත් thermal pad අනිවාර්යෙන් යෙදිය යුතුයි. CPU හා GPU එකේ ඇති thermal paste එකද අලුතින් එකතු කිරීම සිදු කල යුතුය. නමුත් thermal pad සහ thermal paste මිල ගනන් අනූව තාප සන්නයන කාර්යක්ෂමතාව ඉහල හෝ පහල යා හැකිය. එමනිසා, ඔබගේ ලැප්ටෝප් එකට ගැලපෙන ගුණාත්මක thermal pad සහ thermal paste ලැප්ටොප් එක ගලවන්න කලින්ම ඇණවුම් කර තබා ගන්න. Mother board එක පිරිසිදු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් පිරිසිදු කල යුතුය . ඔබ ඒ සදහ දියරයක් භාවිතා කරන්නෙ නම් විදුලිය සන්නයනය නොවන ඒවා සදහා ම සැකසු දියරයක් භාවිතා කරන්න‍. (වතුර, ඇල්කොහොල්, විෂබීජ නාශක භාවිතා නොකරන්න) සියලුම කොටස් පිරිසිදු කර බදට සවි කිරීමෙන් පසු, ඇණ තද කිරීමට පෙර ලැප්ටොප් එක ක්‍රියාත්මක කර එහි උෂ්ණත්වය පරීක්ෂා කර දෝෂ ඇත් දැයි බලන්න. ලැප්ටොප් එක සවි කිරීමේ දී ගලවා ඇති ඇණ නිවැරදිව සවිකිරීම සිදු කල යුතුය.

ලැප් එකක් ගැලවීමේ දී ඔබට ගැලවීමට නොහැකි හෝ ගැලවීමට අවශ්‍ය මෙවලම් නොමැති කොටස් ; ගැලවීමට උත්සහ නොකරන්න. ඔබට එය තනියම සිදු කිරීමට නොහැකි නම් සුදුසු විශ්වාසවන්ත තැනකට රැගෙන යන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...