Gaming සහ High Performance කොම්පියුටර්ස් සදහා ලොව ප්‍රකට වෙළදනාමයක් වන MSI පසුගියදා පැවති COMPUTEX 2025 ප්‍රදර්ශණයේදී විශිෂ්ට සම්මාන රැසක් ලබා ගත්තා.ඒ අතරින් Golden Award එක, Sustainable Tech Special Award එක, තවත් අංශ කිහිපයකමද හොදම තේරීම බවට MSI පත් වුනා.මේ සම්මානයන්ට පාත්‍ර වූ devices අතර AI desktop, AI Laptop, සහ mini PCද තිබුනා.
වර්තමානයේ ඇති AI intelligence සහ green transformation සමගින් msi ගෝලීය පරිගණක තාක්ෂණ ඉල්ලුමට සරිලන නව නිපැයුම් වලින් සමන්විත තාක්ෂණික උපාංග රාශියක් මේ වනවිට ඉදිරිපත් කරලා තියෙනවා, මේවා පරිසර හිතකාමී වගේම sustainable ලෙස නිර්මාණය කිරීමට ඔවුන් උපරිම ලෙස කටයුතු කරලා තිබිමද විශේෂත්වයක්. එයට හොදම උදාහරණයක් ලෙස ඔවුන් එළිදක්වපු 13-inch AI-integrated HMI touchscreens සහ PCR recycled materials වලින් හදපු mini pc එක දක්වන්න පුළුවන්.
msi හි අලෙවිකරණ අංශයේ උප සභාපති වන සැම් චර්න් (Sam Chern) මහතා පැවසු ආකාරයට,”මේ සම්මාන හිමි වන්නේ msi products වල design සහ technology වලටම නොව, msi හි නව Ai computing, නව innovations(නවෝත්පාදන) සහ sustainability(තිරසාරබාවය) වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියාකිරීමත් පාරිහොගිකයන්ට වඩා වටිනා උපාංග ලබාදීමටත් සෑම විටම කටයුතු කිරීමත්” නිසා බවයි
COMPUTEX 2025 හිදී Awards දිනාගත් Products
Titan 18 HX Dragon Edition Norse Myth ලැප්ටොප් එක |Golden Award

ලොව ප්‍රසිද්ධ Norse mythology වලින් Inspire වෙලා නිර්මාණය කරපු මෙම ලැප්ටොප් එක, එයටම unique වෙච්ච 3d මකර කැටයමකින් සහ hand-polished කරපු ටයිටේනියම් chassis එකකින් සමන්විත වෙනවා. නවතම Intel® Core™ Ultra 9 285HX ප්‍රොසෙසරයකින් සහ ප්‍රබල NVIDIA® GeForce RTX™ 5090 Laptop GPU එකකින් මෙය බලගැන්වෙනවා. ඒ වගේම මෙහි ප්‍රිමියම් Cherry MX mechanical keyboard සහ custom thermal module සමන්විත වීම උපරිම gaming experience එකක් ගන්න වැදගත් වෙනවා. මෙහි collector’s package ලබාගත්තොත් ඔබට ඒ සමගින් dragon-themed mouse එකක්, mousepad එකක්, keychain එකක් සහ custom gift box එකක්ද හිමිවනවා. Elite gamers සහ enthusiasts ලාටනම් මෙය හොදම තේරීමක් වේවි.
MSI Cubi NUC AI Series Mini PC එක |Sustainable Tech Special Award (තිරසාර තාක්ෂනයන් උදෙසා විශේෂ සම්මානය)

මෙම mini pc එකෙ විශේෂත්වය වන්නේ මෙහි compact chassis එක හදලා තියෙන්නේ PCR materials ඒ කියන්නේ ප්‍රතිචක්රියකරණය කරන ලද ද්‍රව්‍ය වලින් වීම සහ පරිසර හිතකාමී ලෙස packaging එක කරලා තියෙන නිසායි. ඒ වගේම EPEAT සහතික කරන ලද මෙය බලශක්තිය පිරිමැසුම්දායක පරිගණක්ද වෙනවා. මෙහි Thunderbolt 4 support කරනවා වගේම quad-display support එක, සහ MSI Power Link විශේශාන්ගයත් අඩංගු වීම අඩු බලයකින් වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කිරීමට හැකි වෙනවා.මෙහි නවතම Intel® Core™ Ultra AI Boost NPU එකක් වගේම dual 2.5G LAN support එකකින්ද සමන්විත වනවා
Claw 8 AI+ A2VM Gaming Handheld device එක | Best Choice – Computer & System Category

නවතම Intel® Core™ Ultra 7 processor (Series 2) සහ XeSS AI-enhanced graphics වලින් බලගැන්වුණු මෙය gaming වලදී වඩා වැදගත් 8”Full HD+ 120Hz VRR gaming display එකකින් , 80Whr battery එකකින්ද , cooling සදහා dual-intake cooling fan එකකින්ද සමන්විත වෙනවා. එම නිසාම මෙහි වැඩිකාලයක් games play කරන්න පුළුවන් වගේම quiet performance එකක් තියෙනවා. මෙම Handheld device එක Thunderbolt 4 support කරනවා වගේම Wi-Fi 7, MicroSD, සහ අද කාලයට නැතුවමබැරි USB-C පෝට් එකකින්ද සමන්විත වෙනවා.මේ හේතු නිසාම , ඕනෙතැනක ඉදගෙන mobile gaming සහ game streaming කරන්න හොදම තේරීමක් ලෙස දක්වන්න පුළුවන්.
MEG VISION X AI Gaming Desktop එක |Best Choice – Computer & System

Content creatorsලා වෙනුවෙන්ම නිර්මාණය කරපු මෙම Desktop pc එක ප්‍රබල GeForce RTX™ 5090 GPU එකින්ද Intel® Core™ Ultra 9 285K ප්‍රොසෙසරයකින්ද, Gen 5 SSD, DDR5 memory සහ නවතම Storm Cooling AI thermal technology කින්ද සමන්විත වෙනවා එය heavy workloads වලදී pc එකේ performance උපරිමයෙන් තියාගන්න කටයුතු කරාවි. මෙහි අනෙකුත් විශේෂත්වය වන්නේ 13-inch vertical AI HMI touchscreen එකක් අඩංගු වීමයි. එසේම msi හි වටිනා විශේෂාංගයක් වන EZ Mode ද මෙහි අඩංගු වෙනවා.
Prestige 13 AI+ Ukiyo-e Edition ලැප්ටොප් එක|Best Choice – Computer & System Category

මේ ලැප්ටොප් එකෙ විශේෂත්වය වන්නේ මෙය විචිත්‍ර ජපාන ලාක්ෂා කැටයමකින් සමන්විත වෙනවා.(The Great Wave off Kanagawa)සංස්කෘතිමය වශයෙනුත් නවතම AI තාක්ෂණය අතරෙනුත් මෙය ඉහල තැනක තියෙනවා.
මෙම design එක අවුරුදු 400ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියනවා, ඒ කාලයේ දී මෙම කැටයම් විවිධ බඳුන් විචිත්‍ර කිරීමට යොදා ගෙන තියෙනවා නමුත් මේවා ගොඩක් දුලබ වගේම මිලෙන් වටිනා වෙනවා.
වැඩිදුර විස්තර පහත Link ඔස්සෙ ලබාගන්න පුලුවන්,
MSI: https://www.msi.com
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/MSIGaming
MSI Twitter: https://twitter.com/MSITweets













Leave a comment