Home Games ඉදිරියෙදි නිකුත් වෙන Call of Duty: Black Ops 7
GamesTech News

ඉදිරියෙදි නිකුත් වෙන Call of Duty: Black Ops 7

Share
blank
Share

ඔන්න එහෙනම් Call of Duty: Black Ops 7 නවතම game එක Treyarch සහ Raven Software එකට එකතු වෙලා, 2025 Xbox Showcase එකේදී හදුන්වා දුන්නා. Black Ops 6 එක announce කරපු වසරේම, අනිත් ක්‍රීඩාව පිලිබදවත් නිවේදනය කරන එක COD ඉතිහාසෙ පළමු වතාවට සිදුවන දෙයක් කියලා කිව්වොත් නිවැරදියි.

Game එකේ කතාව මෙවර 2035 වසරට යනවා. ඉස්සර Black Ops 2 එකේ හිටපු David Mason මතකද? මීටපෙර සිටි Alex Mason ගෙ පුතා වෙන David Mason මේ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතයයි. නමුත් මෙවර යුද්ධය වෙනස්. මෙවර යුද්ධය “බිය” මත පදනම් වෙලා තියනවා.

ඒවගේම මෙවර campaign එක සෙල්ලම් කරන්න පුළුවන් ඔබට ඔබේ යාළුවා සමඟම! ඒ වගේම Zombies mode එකත් නැවත එනවා. අද වෙනකන් COD හතුරන් ලැයිස්තුවේ මුලින්ම ඉන්නෙ Raúl Menéndez. මේකේ teaser එකේ ඔහු සම්බන්දව කෙටියෙන් හදුන්වල දෙනවා.

Fall 2025 – ඒ කියන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් වල PC, Xbox Series X/S, PS5, PS4 සහ Xbox One එකට මේ ක්‍රීඩාව එනවා. මෙවර Black Ops 7 කියන්නේ ඕනෑම shooter game එකකට වඩා තව ටිකක් deep වෙන, mental game එකක්. Fear, propaganda, memory manipulation වගේ දේවල් story එකේ deep level එකට එනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...