Home Tech News Explained TRCSL නැතිනම් මින්පසු AppleCare පහසුකමත් නවතී
ExplainedPhones

TRCSL නැතිනම් මින්පසු AppleCare පහසුකමත් නවතී

Share
blank
Share

ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම උපකරණ වලට හිමිවිය යුතු බව අපි හොදින් දන්නා කරුණක්,නමුත් මේ වනතෙක් එය එතරම් තදින් ක්‍රියාත්මකවූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.නමුත් මේ වනවිට ඔවුන් තමන්ගේ අණපනත් දැඩි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවට Apple සමාගමේ උපාංග නිලශයෙන් ගෙන්වා බෙදාහරින්නේ GENXT ආයතනයයි.ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ලියාපදිංචි නැති Apple සමාගමේ නිෂ්පාදන සදහා ඔවුන් විසින් අලුත්වැඩියා කිරීමේ සේවය ලබා නොදෙන බවයි.එයට හේතුව වන්නේ අනුමැතියකින් තොරව ගෙන්වන ලද උපාංග අළුත්වැඩියාව සදහා භාර නොගන්නා ලෙස TRCSL විසින් අදාල පාර්ශව වෙත දැනුම් දී තිබීමයි.ඒ අනුව GENXT ආයතනය සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියපදිංචි නැති Apple නිෂ්පාදන අළුත්වැඩියාව සදහා රැගෙන නොඑන ලෙසයි.

මෙය මෙසේ වනවිට ඉදිරියේදී ඔබ මිලදී ගන්නා අලුත් සහ පරණ උපාංග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ලියාපදිංචිය සහිත බව පරික්ෂාකර බලා මිලදී ගන්නා ලෙස PCGUIDE.LK අපි ඔබට මතක් කරනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

Huawei දුරකතන වලට එන, කවුද මේ JIN ?

Huawei සමාගම, එළඹෙන Nova 15 ස්මාර්ට්ෆෝන් සීරිස් එක සඳහා “Nova JIN” නමින්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

විශේෂාංග රැසක් සමග නිකුත් උනු iOS 26

Apple iPhone පරිශීලකයන් වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටපු update එකක් official release...