Home Tech News චීනයේ විකුණන NVIDIA සහ AMD චිප් සදහා 15% බද්දක්
Tech News

චීනයේ විකුණන NVIDIA සහ AMD චිප් සදහා 15% බද්දක්

Share
blank
Share

ඔන්න දැන් US රජය විසින්, චීනයේ විකිණෙන chip වලින් NVIDIA, AMD වගේ US chip නිශ්පාදකයන්ගේ ආදායමෙන් 15%ක් direct tax එකක් ගන්න කියලා තීරණය කරලා. මේක, ආණ්ඩුවේ දත්ත අනුව, high-performance AI සහ graphics chips export කිරීමේදී Chinese market එකෙන් ගන්න ලාභයෙන් ගන්න ටැක්ස් එකක්.

මේ 15% ටැක්ස් එකට යටත් වෙන්නෙ gaming chips පමණක්ම නෙවෙයි. මේක විශේෂයෙන් AI training සහ data center workloads සඳහා නිර්මානය කරන advanced chips වලට වැඩිපුර බලපානවා. NVIDIA සමාගමේ A100, H100 වගේ powerhouse chips, AMD සමාගමේ Instinct MI series වගේ GPUs, මේ tax range එකට ඇතුලත් වෙනවා.

ඇත්තටම, මේක US–China tech war එකේ තවත් එක ගැඹුරු පියවරක්. ඇමරිකාව කියන්නේ, Chinese AI development සහ military applications නිශ්පාදන වේගය අඩාල කරන්න තමයි මේවා කරන්නේ කියලා. ඒත් අනිත් පැත්තෙන්, NVIDIA, AMD වගේ සමාගම් වලට Chinese market එක ලොකු ආදායම් මාර්ගයක්. Tax එක 15%ක් වුණොත්, ඒකෙන් සමාගම් වල ආදායම සහ profit margins දෙකම එක විදියට අඩුවෙනවා.

විද්වතුන් පවසනේ මේ ක්‍රියාමාර්ගය Chinese buyers ලා වෙනත් බෙදාහැරීම් මාර්ග හොයන්න හේතු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම, chip price ගොඩක් රටවල් වල උස්සන්න වෙන්නත් ඉඩ තියෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...