Home Tech News Yahoo Messenger වෙනුවට එන ලේනා
Tech News

Yahoo Messenger වෙනුවට එන ලේනා

Share
Share

යහලුවන් නෑදෑ හිතමිතුරන් සමීපතමයන්ට එක් වන්නට දැකගන්නට වසර 20ක් පුරාවට උදව් කල Yahoo Messenger නැවත නොඑන ගමන් යන්නට සැරසෙනවා. මේත් සමගම 1990 දශකයේ ජනප්‍රියම Chat සේවාවේ අවසානය සටහන් වෙනවා.

2018 ජුලි 17 වෙනිදා Yahoo Messenger හා ඊට සම්බන්ධ සේවාවන් සියල්ල නවත්වන බව දැන් Yahoo messenger සේවාව අයත් Oath සමාගම නිල වශයෙන් නිවේදනය කරල තියෙනව. 90 දශකයේ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය සහ Chat සේවාව තිබුනේ Yahoo සමාගමටයි. ක්‍රමයෙන් තරගකාරීබව පිරුණු සෙවුම් යන්ත්‍ර ලෝකයේ අතරමං වෙන yahoo සමාගම Microsoft Bing සහ Google සමාගම් වල සේවාවන් සමග අන්තර්ජාලයේ කොනකට වෙන්නට පටන් ගන්නෙ 2000 වර්ශයේ ආරම්භයත් සමගයි.

ඉන් පසු Yahoo සමාගමේ විවිධ සේවාවන් / කොටස් වල හිමිකාරිත්වය වෙනත් සමාගම් ලබාගන්නව. මේ විදිහට තමයි Yahoo Messenger සහ Yahoo Finance සේවාවන් Oath සමාගමට අයිති වෙන්නෙ. ක්‍රමක් ක්‍රමයෙන් Yahoo Messenger සේවාවේ ජනප්‍රියත්වය ගිලිහී යන්න ප්‍රධාන හේතු වෙන්නෙ Smart phones වල ආගමනය සහ මෙම Chat /Video පහසුකම් සහිත imo / whatsapp වැනි App ඉතා ඉක්මනින් Desktop Chat සේවාවන්ට වඩා ජනප්‍රිය වීමයි. මේ වනවිට Computer එකක් හරහා Skype, Yahoo Messenger වැනි Chat සේවාවන් භාවිත කරන්නේ කාර්යාල කටයුතු වැනි දේ සදහා පමණයි.

Poll not found

කෙසේ වෙතත් වැසෙන මේ සේවාව සදහා විකල්පයක් තවමත් නැති බවත් දැනට පරීක්ෂන මට්ටමේ පවතින Android / iOS සදහා නිපදවන ලද (Beta testing) Yahoo Squirrel සේවාවට සම්බන්ධවීමට කැමති අයට ඒ සදහා Register වීමට හැකි බව පමණක් Oath සමාගම නිවේදනය කරල තියෙනව.

Poll not found
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

    • ow. issara pitarata inna ayath ekka katha karanna thibbe, skype yahoo messenger. dan mobile ekenma IMO / whatsapp wage dewal tyenawa.

Leave a Reply to PcguideCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...