Home Tech News Ai ඇමරිකානු රජයේ restrictions නිසා Nvidia ඇතුලු සමාගම් කිහිපයක කොටස් වෙළදපොල මිල පහත වැටේ
AiCPUHardwareTech News

ඇමරිකානු රජයේ restrictions නිසා Nvidia ඇතුලු සමාගම් කිහිපයක කොටස් වෙළදපොල මිල පහත වැටේ

Share
blank
Share

Nvidia සමාගම ඇතුලු තවත් ප්‍රධාන චිප් නිශ්පාදනය කරන සමාගම් කිහිපයක මේ වනවිට ඔවුන්ගේ කොටස් වෙළදපොල අගයන් පහත වැටී තිබෙනව. ඒ පසුගිය දිනෙක ඇමරිකානු රජය විසින් චීනයට AI පාධක චිප් අපනයනය කිරීම තහනම් කිරීමත් සමගයි.

චිප් නිශ්පාදනයට අදාල වෙළදපොල පසුගිය කාලයෙ සීග්‍රයෙන් ඉහල යෑමක් සිදුවුනා. ඒ පසුගිය කාලය තුල AI පාධක භාන්ඩ සහ සේවාවන් වැඩි වශයෙන් වෙළදපොලට නිකුත් වීම නිසයි. මෙම භාන්ඩ සහ සේවාවන් බලගැන්වෙන්නෙ AI පාධක චිප් මගින්.

මේ ආකාරයට Nvidia සමාගමේ 4.7%ක්ද, Broadcom සමාගමෙන් 2%ක්ද, Marvell සමාගමෙන් 0.9% ක් සහ Intel සමාගමෙන් 1.4%ක්ද වශයෙන් කොටස් බිදවැටී තිබෙනව.

පැරණි සීමා කිරීම් යටතේ චීනයට අපනයනය කිරීමට අවසර දී තිබුනු Nvidia චිප්ස් හි මන්දගාමී අනුවාදය වන H800 සහ A800 විකිණීම නව සීමා කිරීම් මගින් තහනම් කර තිබෙනව.

යාවත්කාලීන කිරීම් විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ පරිගණක බලයට ප්‍රවේශය පාලනය කිරීම සඳහා වන අතර, එම AI පාධක තාක්ශනයන් එක්සත් ජනපදයට සහ අපගේ මිත්‍ර පාර්ශවයන්ට තර්ජනයක් වන ආකාරයෙන් වැඩිදියුනු කළ හැකි අතර, විශේෂයෙන් ඒවා මිලිටරි සඳහා භාවිතා කළ හැකි බැවින් මෙම තහනම සිදු කල බව එක්සත් ජනපද වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ වාර්තාකරුවන් සමඟ තිබූ සාකච්ඡාවකදී පවසා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...