Press ESC to close

ඇමරිකානු රජයේ restrictions නිසා Nvidia ඇතුලු සමාගම් කිහිපයක කොටස් වෙළදපොල මිල පහත වැටේ

Nvidia සමාගම ඇතුලු තවත් ප්‍රධාන චිප් නිශ්පාදනය කරන සමාගම් කිහිපයක මේ වනවිට ඔවුන්ගේ කොටස් වෙළදපොල අගයන් පහත වැටී තිබෙනව. ඒ පසුගිය දිනෙක ඇමරිකානු රජය විසින් චීනයට AI පාධක චිප් අපනයනය කිරීම තහනම් කිරීමත් සමගයි.

චිප් නිශ්පාදනයට අදාල වෙළදපොල පසුගිය කාලයෙ සීග්‍රයෙන් ඉහල යෑමක් සිදුවුනා. ඒ පසුගිය කාලය තුල AI පාධක භාන්ඩ සහ සේවාවන් වැඩි වශයෙන් වෙළදපොලට නිකුත් වීම නිසයි. මෙම භාන්ඩ සහ සේවාවන් බලගැන්වෙන්නෙ AI පාධක චිප් මගින්.

Get Your Site Up with A2 Hosting

මේ ආකාරයට Nvidia සමාගමේ 4.7%ක්ද, Broadcom සමාගමෙන් 2%ක්ද, Marvell සමාගමෙන් 0.9% ක් සහ Intel සමාගමෙන් 1.4%ක්ද වශයෙන් කොටස් බිදවැටී තිබෙනව.

පැරණි සීමා කිරීම් යටතේ චීනයට අපනයනය කිරීමට අවසර දී තිබුනු Nvidia චිප්ස් හි මන්දගාමී අනුවාදය වන H800 සහ A800 විකිණීම නව සීමා කිරීම් මගින් තහනම් කර තිබෙනව.

යාවත්කාලීන කිරීම් විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ පරිගණක බලයට ප්‍රවේශය පාලනය කිරීම සඳහා වන අතර, එම AI පාධක තාක්ශනයන් එක්සත් ජනපදයට සහ අපගේ මිත්‍ර පාර්ශවයන්ට තර්ජනයක් වන ආකාරයෙන් වැඩිදියුනු කළ හැකි අතර, විශේෂයෙන් ඒවා මිලිටරි සඳහා භාවිතා කළ හැකි බැවින් මෙම තහනම සිදු කල බව එක්සත් ජනපද වාණිජ ලේකම් ජිනා රයිමොන්ඩෝ වාර්තාකරුවන් සමඟ තිබූ සාකච්ඡාවකදී පවසා තිබෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *