Press ESC to close

අලුත්ම Need For Speed ගේම් එක NFS UNBOUND

Electronic Arts (EA) සමාගමේ Iconic racing franchise එක වන Need For Speed (NFS) හි මීළග සංස්කරණය, NFS Unbound නිල වශයෙන් ඔක්තෝම්බර් 06 වන දින එලිදැක්වනු ලැබුවා.Anime කලා ශෛලියට සමග මුසුවූ මෙම නව නිර්මාණය වෙනස්ම අත්දැකීමක් ගෙන එන අතර Criterion Games විසින් Frostbite Engine එක මත සංවර්ධනය කර තිබෙනවා.නව පරම්පරාවේ Consoles වන PS5,Xbox Series X මත 4k 60fps සමගින් සුපිරි Gaming අත්දැකීමක් ලබාදීමට සමත් මෙය පෙර මෙන් Single player offline mode එකකින් සහ Online multiplayer mode එකකින් සමන්විත වනවා.

NFS UNBOUND official trailer

Game player එක ගැන කථා කිරීමේදී ප්ලේයර්ට Game එක තුළ Drifting වැනි තමන්ගේ හැකියාව අනුව සහ Police chase වලින් මුදල් උපයාගැනීමට පුළුවන්,ඒවා ඔට්ටු තැබීමට සහ අනෙකුත් දේවල් මිලදී ගැනීම සදහා වියදම් කල හැක.සාපේක්ෂව හොද story line එකකින්ද,ඇමරිකන් රැප් ගායකයෙකු වන A$AP Rocky මෙහි ප්‍රධාන Character එකක් ලෙසද ඇතුලත් කරලා තියෙනවා.

Get Your Site Up with A2 Hosting
A$AP ROCKY{EA}

Criterion games විසින් මෙය Cross – Platform game එකක් ලෙස නිකුත් කරන අතරම ඒ හේතුවෙන් Gamersලට Console සහ Pc යන දෙයාකාරයෙන්ම එකම Lobby එකකට සම්බන්දවී Play කිරීමට පුළුවන්.සමස්තයක් ලෙස NFS franchise එකේ වෙනස්ම Graphics style එකක් සමගින් December 02 වෙනිදා නිල වශයෙන් නිකුත් වීමට නියමිතව ඇති අතර Steam,EA app,Epic game store එක හරහා $69.99 කට pre-order කිරීමේ හැකියාව දැනටමත් සලසා දී තිබෙනවා.

source:EA

source:-https://www.ea.com/games/need-for-speed/need-for-speed-unbound

Leave a Reply

Your email address will not be published. Required fields are marked *