Press ESC to close

Yahoo Messenger වෙනුවට එන ලේනා

යහලුවන් නෑදෑ හිතමිතුරන් සමීපතමයන්ට එක් වන්නට දැකගන්නට වසර 20ක් පුරාවට උදව් කල Yahoo Messenger නැවත නොඑන ගමන් යන්නට සැරසෙනවා. මේත් සමගම 1990 දශකයේ ජනප්‍රියම Chat සේවාවේ අවසානය සටහන් වෙනවා.

Get Your Site Up with A2 Hosting

2018 ජුලි 17 වෙනිදා Yahoo Messenger හා ඊට සම්බන්ධ සේවාවන් සියල්ල නවත්වන බව දැන් Yahoo messenger සේවාව අයත් Oath සමාගම නිල වශයෙන් නිවේදනය කරල තියෙනව. 90 දශකයේ ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය සහ Chat සේවාව තිබුනේ Yahoo සමාගමටයි. ක්‍රමයෙන් තරගකාරීබව පිරුණු සෙවුම් යන්ත්‍ර ලෝකයේ අතරමං වෙන yahoo සමාගම Microsoft Bing සහ Google සමාගම් වල සේවාවන් සමග අන්තර්ජාලයේ කොනකට වෙන්නට පටන් ගන්නෙ 2000 වර්ශයේ ආරම්භයත් සමගයි.

ඉන් පසු Yahoo සමාගමේ විවිධ සේවාවන් / කොටස් වල හිමිකාරිත්වය වෙනත් සමාගම් ලබාගන්නව. මේ විදිහට තමයි Yahoo Messenger සහ Yahoo Finance සේවාවන් Oath සමාගමට අයිති වෙන්නෙ. ක්‍රමක් ක්‍රමයෙන් Yahoo Messenger සේවාවේ ජනප්‍රියත්වය ගිලිහී යන්න ප්‍රධාන හේතු වෙන්නෙ Smart phones වල ආගමනය සහ මෙම Chat /Video පහසුකම් සහිත imo / whatsapp වැනි App ඉතා ඉක්මනින් Desktop Chat සේවාවන්ට වඩා ජනප්‍රිය වීමයි. මේ වනවිට Computer එකක් හරහා Skype, Yahoo Messenger වැනි Chat සේවාවන් භාවිත කරන්නේ කාර්යාල කටයුතු වැනි දේ සදහා පමණයි.

ඔබ yahoo Messenger ගැන දන්නවද?

කෙසේ වෙතත් වැසෙන මේ සේවාව සදහා විකල්පයක් තවමත් නැති බවත් දැනට පරීක්ෂන මට්ටමේ පවතින Android / iOS සදහා නිපදවන ලද (Beta testing) Yahoo Squirrel සේවාවට සම්බන්ධවීමට කැමති අයට ඒ සදහා Register වීමට හැකි බව පමණක් Oath සමාගම නිවේදනය කරල තියෙනව.

PC එකේ Chat program භාවිතා කරනවද?

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (2)

Leave a Reply to Heshani Cancel reply

Your email address will not be published. Required fields are marked *