Contact Information

WhatsApp Us

Asus ROG STRIX H370-F Gaming motherboard Unboxing

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta
Asus ROG STRIX H370-F Gaming motherboard Unboxing
0
User Average

Gaming වලට Professional වැඩවලට ටිකක් Show off කරන්න වගේම premium Features එක්ක  8thgen build එකක් කරනවනම් intel H370 chipset එකෙන් එන මේ motherboard එක ඔයාගේ build එකට ගැලපෙනව.

8th gen Chipset ගැන කියවන්න මේ link එක පාවිච්චි කරන්න

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Unboxing Package එක

Asus ROG STRIX H370-F Gaming package එකේ එන දේවල් වෙන්නෙ

  • Asus ROG STRIX H370-F Gaming motherboard
  • SATA Cable 4ක්
  • RGB Header connector
  • M2 Drive screws – set2
  • ROG Sticker pack
  • ROG Thank you card
  • Gaming Door Hanger
  • Zip ties
  • Driver/ Utilities DVD එක
  • manual එක
  • මේ Board එකේ Asus IO shield එක pre Mount කරල එන එක විශේෂත්වයක්

අලුත්ම මිළ ගණන් ගැන දැනගන්න Nanotek site එකට යන්න

Asus ROG STRIX H370-F Gaming Motherboard එකේ unboxing video එකත් බලන්න

Features

Asus ROG STRIX H370-F Gaming motherboard එකේ විශේෂම දේ තමයි intel H370 chipset එක. වැඩිපුර Communication වලට PCI lanes තියෙන නිසා SSD, වැඩිපුර Hard drives වගේ දේවල් එක්ක හොද Balanced performance එකක් මේ Board එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්. Full Black PCB design එකකින් එන මේ  Asus ROG STRIX H370-F Gaming motherboard එක Serious වැඩ කරන කාටත් ගැලපෙනව.

Video එකක් එක්ක ඒ ගැන ලිපියක් තියෙද්දි ඒක පහසුවක්ද?

Expansion Ports

  • LGA 1151 CPU Socket – 8th gen CPU පාවිච්චි කරන්න පුලුවන්
  • DDR 4 RAM Slots 4ක් – 64GB දක්වා DDr 4 RAM පාවිච්චි කරන්න පුලුවන්.
  • PCI Express slots 2ක් – AMD / Nvidia Card පාවිච්චි කරන්න පුලුවන්. Crossfire යටතේ AMD card 2ක් පාවිච්චි කරන්න පුලුවන්
  • PCI X1 slots 4ක් – Sound cards, TV card සහ අනෙක් Expansion වලට
  • SATA ports 6ක් – HDD / SSD සහ අනෙක් Storage වලට
  • M2 Slot 2ක් – M2 / optane Memory වලට පාවිච්චි කරන්න

මේ දේවල් එක්ක Board එකෙන් Front panel එකට ගන්න USB 3.1 headers 2ක් තියෙනව.

Pre Mounted IO Shield – 1st Time in Asus Boards

පළමු වතාවට Asus boards වල 8th gen ROG series එකේ pre mounted IO shield එකක් එනව. මේක System build කරන අයට සෑහෙන පහසු දෙයක්. ඉතින් 8th Gen ROG / STRIX Gaming Boards ගන්න අයට මේ අලුත්ම feature එක ලැබෙනව.

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS/2 keyboard mouse ports – පරණ keyboard Mouse වලට
  • DVI-D / VGA / Display port / HDMI port – onboard intel graphics පාවිච්චි කරනවනම්
  • LAN (RJ 45) port – Network වලට
  • USB 3.1 Gen 1 Type A ports 2 (රතු පාට)
  • USB 3.1 Gen 1 Type C port 1
  • USB 2.0 ports 4
  • Audio – Line in / Line out / Mic + SPDIF Out

Experience එක සහ Build Quality

Asus PRIME H370 PLUS Motherboard එක  Asus 5X Protection III එකත් එක්ක එන්නෙ.

Asus Safeslot core

PCI express slot වල ශක්තිමත්භාවය වැඩි කරන්න Metal reinforcement එකක් එකතු කරල තියෙනව. මේකෙන් Graphics card එක Fix කරද්දි board එකට වගේම Ports වලට Damage වෙන්න තියෙන හැකියාව එක අඩු වෙනව.

 

 

 

 

ඒ වගේම Asus Over voltage protetion, Asus Digi+VRM වගේ තාක්ෂණික යෙදවුම් හරහා Motherboard එක වැඩි කාලයක් පාවිච්චි කරන්න තමයි හදල තියෙන්නෙ.

Motherboard එකේ BIOS එක Mouse එකෙන් Control කරන්න පුලුවන් විදිහට තියෙන්නෙ. ඒ වගේම පහසුවෙන්ම බලන්න පුලුවන් විදිහට  Temps සහ Fan වල speeds පෙන්නනව.

Motherboard එකක් නම් තෝරගන්න brand එක මොකක්ද?

Board එකට ඕන කරන අලුත්ම drivers සහ වැඩිදුර තොරතුරු වලට – Link to Asus Product page

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Build Quality
Performance
Value for Money
Warranty
Final Score