Home Games චීනය තුල Steam තහනම් කරයි
GamesTech News

චීනය තුල Steam තහනම් කරයි

Share
blank
Share

චීනය තුල සිටින පරිගණක ක්‍රීඩකයින් මේ වෙද්දි වාර්තා කරනවා ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා වෙලඳපොලක් වන Steam සහ එහි සියලුම community pages ආදිය blacklist කර තිබෙන බව, මේ හේතුවෙන් චීනය තුලදි මේ සේවා වලට පිවිසෙන්න හැකියාවක් නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ Steam විසින් චීනය සඳහාම Steam China සේවය නිකුත් කරා, ඒ කුඩා පරිගණක ක්‍රීඩා එකතුවක් එක්කයි. ඒ සේවාව තවමත් ක්‍රියාත්මකයි. සම්පූර්ණ පරිගණක ක්‍රීඩා වෙලඳපොලට පිවිසෙන්න පුලුවන් Steam Global සේවාව තමයි මෙහෙම නත්තල් දවසෙ ban කරල තියෙන්නෙ.

මේ තීරණය එක පාරට ගත්ත එකක් වගේ පෙනුනත් මෑතක සිට චීන රජය පරිගණක ක්‍රීඩා වලට දක්වපු ප්‍රතිචාර එක්ක එච්චර පුදුම වෙන්න දේකුත් නෑ. පසුගිය නොවැම්බර් 12 වන දින Fortnite චීනය තුල තහනම් කරා, ළමුන්ට සතියට පරිගණක ක්‍රීඩා වල යෙදෙන්න පුලුවන් කාලය පැය 3කට සීමා කරා වගේම cryptocurrency වගේ දේවලුත් මෑතකදි තහනම් කරනු ලැබුවා. ඒ වගේම චීනය තුල පරිගණක ක්‍රීඩාවක් සංවර්ධනය කිරීමට අවශ්‍යනම් එය චීනයට විරුද්ධ ලෙස සැලසෙන අංග කිහිපයකින්ම ඉවත්ව සංවර්ධනය කල යුතු වෙනවා.

Dota 2 සහ CS:GO කියන්නෙ චීනයේ අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩා දෙකක්. මේ ක්‍රීඩා දෙකම Steam China සේවාවේ තිබෙන නිසා මේවටනම් මේ තීරණයෙන් බලපෑමක් සිදු වෙන්නේ නෑ. කොහොම උනත් Steam Global වල පමණක් තමන්ගෙ පරිගණක ක්‍රීඩා නිකුත් කරන්න සිදු වෙන කුඩා ප්‍රමාණයේ සංවර්ධකයන්ටනම් චීනය වගේ විශාල වෙලඳපොලක් නැති වීම මරු පහරක් වෙන්න පුලුවන්. පරිගණක ක්‍රීඩා වලට චීනය කොතරම් ලොකු වෙලඳ පොලක්ද කියන්න උදාහරණයක් තමයි Call of Duty Mobile චීනයේ ක්‍රීඩා කරන පිරිස වැඩියි ලෝකයේ අනිත් සියලු රටවල ඒ ක්‍රීඩාව ක්‍රීඩා කරන පිරිස ඔක්කොම සැලකුවත්.

මේ තීරණය චීන පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයට කොහොම බලපායිද කියලනම් තවම කියන්න කල් වැඩියි. සංවර්ධකයින්ටනම් Steam China වලදි තමන්ගෙ පරිගණක ක්‍රීඩා නිකුත් කරන්න හැකියාව තිබෙන නිසා චීනය තුල වෙලඳපොලට පිවිසෙන්න තවම ඉඩක් තියනවා. චීනය තුල ඉන්න පරිගණක ක්‍රීඩා සංවර්ධකයින්ටත් මේ Steam Global සේවාව තහනම් කරලනම් ඔවුන්ට ලෝකයේ අනෙක් රටවල් වලට තමන්ගෙ පරිගණ ක්‍රීඩා නිකුත් කරන්න චීනයෙන් පිට සංවර්ධකයන් එක්ක එකතු වෙන්න සිදු වේවී. බොහෝ දෙනෙක් පවසන විදිහට පරිගණක ක්‍රීඩා ක්ශේත්‍රයට චීනය විසින් කරපු ලොකුම සීමා කිරීම මේක වේවී.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...