USB drive නැත්නම් Pen Drive කියන්නෙ කොයි කවුරුත් දන්න දත්ත ගබඩා කරන්න පුලුවන් පුංචි gadget එකක‍්. Connect කරපු ගමන් computer එක පිච්චිල යන අලුත්ම විනාශකාරී USB drive එකක් ගැනයි අද අපි කියන්නෙ.
Computer පාවිච්චි කරන අය විදිහට අපි දවසකට කිහිප වතාවක්ම USB Flash Drive පාවිච්චි කරනව, යාලුවෙක්ගෙ එහෙමත් නැත්නම් නාදුනන කෙනෙක්ගෙ උනත් USB drive එකකට movie එකක් game එකක් copy කරල දෙන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. මෙන්න මේ මිනිස් දුර්වලතාවය හරහා පරිගණක විනාශ කරන්න පුලුවන් කියන දේ ගැන මීට අවුරුදු කිහිපයකට කලින් කතාබහක් ඇති උනා.
මේ ගැන Computer සහ tech gadget නිපදවන සමාගම් දැනුවත් කලත් Apple සමාගම ඇරෙන්න ඒ වෙනත් අය මේ ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ. මේ නිසා prototype එකක් විදිහට හදපු මේ device එක නිෂ්පාදනය කරල විකුනන්න Honkong හි USB kill සමාගම පටන් ගත්ත. Test device එකක් විදිහට දැනට විකුණන මෙය www.usbkill.com හරහා ඕන කෙනෙකුට මිලදී ගන්න පුලුවන්.
මෙහි ක්‍රියාකාරීත්වය හරිම සරලයි. USB Kill drive එක USB port එකකට connect කරාම ඒ හරහා විදුලිය ලබාගෙන එහි ඇති capacitor වල එය ගබඩා කරගන්නව. සියලුම capacitors වල එකතුවෙන power එක එක්වරම USB data line එකට discharge කරනව. 240v පමන වෙන මේ අධි වොල්ටීයතාවය එහි ගමන් මගේ ඇති සියලු දේවල් වලට හානි කරනව. දැනට වෙළදපොලේ ඇති electronic උපකරණ වලින් 95% ක්ම මේ USB power surge attack එකෙන් සම්පූර්න හෝ අර්ධ ලෙස හානියට ලක්වෙනව. Apple සමාගමේ නිෂ්පාදන වල USB port එක පමණයි මෙයින් හානි වෙන්නෙ.
Virus attack එකක් නම් Antivirus guard එකකින් එය වලක්වගන්න පුලුවන්. ඒත් මේක hardware මට්ටමේ දුර්වලතාවයක්. hardware නිෂ්පාදකයන් මේ දුර්වලතාවය මගහැරින්න උපක්‍රමයක් හදුන්වල දෙනකම් දැනට කරන්න තියෙන්නෙ විශ්වාසවන්ත USB Drive විතරක් පාවිච්චි කරන එකයි.
Comments (2)
කණිෂ්කsays:
February 10, 2017 at 7:48 amනියමයි. මේ වගේ දේවල් තියෙනව කියල දැනගත්තෙ අදයි.
amanthasays:
February 11, 2017 at 8:54 pmmeken USB port ekak tyena onama device ekak blast karanna puluwan neh.