Home Tech News USB එකේ සැගවී එන අලුත්ම මාරයා
Tech News

USB එකේ සැගවී එන අලුත්ම මාරයා

Share
blank
Share

USB drive නැත්නම් Pen Drive කියන්නෙ කොයි කවුරුත් දන්න දත්ත ගබඩා කරන්න පුලුවන් පුංචි gadget එකක‍්. Connect කරපු ගමන් computer එක පිච්චිල යන අලුත්ම විනාශකාරී USB drive එකක් ගැනයි අද අපි කියන්නෙ.

Computer පාවිච්චි කරන අය විදිහට අපි දවසකට කිහිප වතාවක්ම USB Flash Drive පාවිච්චි කරනව, යාලුවෙක්ගෙ එහෙමත් නැත්නම් නාදුනන කෙනෙක්ගෙ උනත් USB drive එකකට movie එකක් game එකක් copy කරල දෙන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ.  මෙන්න මේ මිනිස් දුර්වලතාවය හරහා පරිගණක විනාශ කරන්න පුලුවන් කියන දේ ගැන මීට අවුරුදු කිහිපයකට කලින් කතාබහක් ඇති උනා.

මේ ගැන Computer සහ tech gadget නිපදවන සමාගම් දැනුවත් කලත් Apple සමාගම ඇරෙන්න ඒ වෙනත් අය මේ ගැන වැඩි අවධානයක් යොමු කරේ නැහැ. මේ නිසා prototype එකක් විදිහට හදපු මේ device එක නිෂ්පාදනය කරල විකුනන්න Honkong හි USB kill සමාගම පටන් ගත්ත. Test device එකක් විදිහට දැනට විකුණන මෙය www.usbkill.com හරහා ඕන කෙනෙකුට මිලදී ගන්න පුලුවන්.

මෙහි ක්‍රියාකාරීත්වය හරිම සරලයි. USB Kill drive එක USB port එකකට connect කරාම ඒ හරහා විදුලිය ලබාගෙන එහි ඇති capacitor වල එය ගබඩා කරගන්නව. සියලුම capacitors වල එකතුවෙන power එක එක්වරම USB data line එකට discharge කරනව. 240v පමන වෙන මේ අධි වොල්ටීයතාවය එහි ගමන් මගේ ඇති සියලු දේවල් වලට හානි කරනව. දැනට වෙළදපොලේ ඇති electronic උපකරණ වලින් 95% ක්ම මේ USB power surge attack එකෙන් සම්පූර්න හෝ අර්ධ ලෙස හානියට ලක්වෙනව. Apple සමාගමේ නිෂ්පාදන වල USB port එක පමණයි මෙයින් හානි වෙන්නෙ.

Virus attack එකක් නම් Antivirus guard එකකින් එය වලක්වගන්න පුලුවන්. ඒත් මේක hardware මට්ටමේ දුර්වලතාවයක්. hardware නිෂ්පාදකයන් මේ දුර්වලතාවය මගහැරින්න උපක්‍රමයක් හදුන්වල දෙනකම් දැනට කරන්න තියෙන්නෙ විශ්වාසවන්ත USB Drive විතරක් පාවිච්චි කරන එකයි.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...