Home Tech News Events ලංකාවේ පොදු ප්‍රවාහන කාලසටහන් Google Transit සමග එක්වෙයි
EventsTech News

ලංකාවේ පොදු ප්‍රවාහන කාලසටහන් Google Transit සමග එක්වෙයි

Share
blank
Share

බොහෝ දෙනෙකුට ලගම පාරක් හොයාගන්න traffic වැඩි තැන් බලාගන්න උදව් වෙන Google Maps වලට දැන් ලංකාවේ පොදු ප්‍රවාහන (බස් සහ දුම්රිය) සේවාවල තොරතුරුත් ඇතුලත් වෙනව.

පසුගිය ජුලි 12 වනදින ශ්‍රී ලංකා ජාතික ප්‍රවාහන කොමිසමේ (National Transport Commission NTC) 25 වන සංවත්සර සැමරුමට සමගාමීව Google Transit හරහා පොදු ප්‍රවාහන දත්ත ආශ්‍රිත maps සේවා ලබාදීම බලගැන්වුනා.

මොරටුව සරසවියේ මහාචාර්ය දේමන්ත ඩි සිල්වා සහ කණ්ඩායමක් ප්‍රමුඛව පොදු ප්‍රවාහන සේවා කාලසටහන් සහ දත්ත Google maps සදහා ලබාගත හැකි ආකාරයක් සැකසීමෙන් අනතුරුව Google maps හරහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීමට ගත යුතු බස් මාර්ගය, ලගම බස් හෝ දුම්රිය නැවතුම වගේ කරුණු සහ ඒ සදහා බස් සහ දුම්රිය කාල සටහන අනුව යන කාලය ලබාදීමට Google Maps හරහා transit පහසුකම යටතේ ලබාගන්න පුලුවන්.

2019 වෙද්දි ලංකාවේ බොහෝ දෙනෙක් Google Maps හරහා සෘජුව හෝ වක්‍රාකාරව ගමනාගමනය සහ ප්‍රවාහනය සදහා උපකාරය ලබාගන්නව. මේ වෙනකොට යම් තැනකට යන්න Traffic අඩුම පාරවල් හොයාගන්න වගේම නොදන්න තැනකට යන විදිහ හොයාගන්නත් බොහෝ දෙනෙක් Google Maps පාවිච්චි කරනව.ඒ වගේම ලංකාවේ දැන් ජනප්‍රිය Taxi සේවාවන් තම සේවාවන් ක්‍රියාත්මක කරන්න පදනමක් විදිහට භාවිතා කරන්නෙත් Google Maps.

Android හරහා පණගැන්වෙන Smart Phones හරහා ගන්න live Updates වගේම කලින් එක්රැස් කරගත් තොරතුරු Database භාවිතා කරමින් ඉතාමත් නිවැරදිව මාර්ගවල රථවාහන තදබදය හා තමන්ට අවශ්‍ය ස්ථානයකට යා හැකි කෙටිම මාර්ගය නිවැරදිව ලබාදීමට ලංකාව තුල ක්‍රියාත්මක වන Google Maps වලට හැකියාව තිබෙනව.

මේ වෙනතෙක් Google map හරහා Directions ගද්දි Car, Bike, Walking වගේ options තිබුනත් පොදු ප්‍රවාහන සේවා ඒ කියන්නෙ බස්රථ සහ දුම්රිය භාවිතා කරමින් නිවැරදිව එක් ස්ථානයක සිට තවත්  ස්ථානයකට යන්න තොරතුරු ලබාගන්න හැකියාවක් තිබුනෙ නැහැ.

නමුත් මේ නව හදුන්වාදීම සමග දැනට බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක වන මෙම පොදු ප්‍රවාහන තොරතුරු ලබාදීම හරහා ඕනෑම කෙනෙකුට Google Maps හරහා යම් ස්ථානයකට යාමට මාරුවිය යුතු බස් අංක වැනි තොරතුරු නිවැරදිව ලබාගැනීමට හැකියාව ලැබෙනව. නමුත් මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට පොදු ප්‍රවාහනය භාවිත කරමින් යම් ස්ථානයකට ලගාවීමට ගතවන කාලය නිවැරදිව ලබාදීමට Google Transit තවමත් සමත් නැහැ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...