ඔයාලා දන්නවා ඇති මේ කාලේ වෙනකොට ලංකාවේ ගේම්ස් හැදෙන්න පටන් අරන් තියනවා ටික ටික. ඉතින් මේ කියන්න යන්නේත් ඒවගේම ලංකාවේ සෙට් එකක් එකතු වෙලා හදන ගේම් එකක් ගැන. මේ ගේම් එකේ නම තමයි “The CHASE” එහෙමත් නැත්නම් “ලුහුබැදීම”.

මේක storyline එකක් එක්ක යන survival/horror category එකට අයිති වෙන game එකක් කියලා තමයි මේ ගේම් එකේ developersලා වෙන RAM Studios එකෙන් කියන්නේ. නමුත් ප්‍රේක්ශකයන්ගේ කැමැත්ත සලකලා ගේම් එක ටිකක් දැන් වෙනස් කරලා කියලාත් සදහන් වෙනවා. ඊලග දේ තමයි ඔයාලට මේ ගේම් එකේ facebook page එකට ගිහින් බැලුවොත් බලාගන්න පුළුවන් කොහොමද ගේම් එකේ graphics කියලා.

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

Facebook page ලින්ක් එක https://web.facebook.com/Luhubadhiima/

ගේම් එකේ graphics හොද මට්ටමක තිබුනත් මේ ගේම් එකේ optimization නිසා ඔයාලට DirectX 11 තියන ඕනම VGA එකක මේක කරන්න පුළුවන් වෙනවා කියලත් developers ලා සදහන් කරනවා. මේ game එක ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන මේ Video එකත් බලන්න අමතක කරන්නෙපා….

තවත් හොදම දෙයක් තමයි මේ ගේම් එක මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ නිකුත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. Release date එකනම් එහා මෙහා වෙන්න පුළුවන් කියලත් සදහන් වෙනවා. මේ ගේම් එකේ beta version එක free මුලින් දෙන්න බලාපොරොත්තු වෙලා හිටියත් fansලගේ ප්‍රතිචාර අනුව “ලුහුබැදීම” game එකේ full release එක තමයි මේ නිකුත් කරන්න යන්නේ. Steam එක හරහා ඔයාලට “ලුහුබැදීම” බෙදලා දෙන්නයි දැනට වැඩ කටයුතු කරගෙන යන්නේ. මේ වගේ තවත් විස්තර RAM Studios වෙබ් සයිට් එකෙන් ඔයාලට බලාගන්න් පුළුවන්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here